මත්තල ගුවන්තොටුපලින් සියයට 70ක් සදාකාළිකවම ඉන්දියාවට

ගාල්ලේ පිහිටි නාවික හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අදාළ භූමි ප්‍රදේශය ද ඉන්දියාවට ලබාදීමට රජය සැලසුම් කරමින් සිටින බවය.

එමෙන්ම ඉන්දියාව මත්තල ගුවන්තොටුපල මිල දි ගැනිමට උත්සහ කරන්නේ ද වාණිජමය අරමුණු ඉටු කරගැනීමට නොව මත්තල ගුවන්තොටුපලේ පාලන බලය තම සන්තකයට ගැනීමට බවද ඒ මහතා පැවසීය.

ඉන්දියාවේ ගුවන්තොටුපලවල් 29ක් පමණ තිබෙන අතර එයින් 18ක්ම මත්තල ගුවන්තොටුපල පිහිටි දේශාංෂක තුලම පිහිටා ඇත්නම් ඉන්දියාවට එහි කිසිදු වාණිජමය වටිනාකමක් නොමැති බවද සදාකාළිකවම මත්තල ගුවන්තොටුපලින් 70%ක් ඉදියාවට ලබා දිමට කටයුතු කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (23) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *