පාතාලයේ ලොකු කෙරුමන්ට ඇලෝසියස්ගෙන් ඇමතුම් සිය ගණනක්

බැඳුම්කර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් රඳවා සිටින ‘එච්’ වාට්ටුවේ තිබී අත්අඩංගුවට ගත් දුරකථන සිම්පත් පහෙන් ප්‍රබල පාතාල සාමාජිකයන් හා සම්බන්ධ වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ සඳහන් කළාය

ඊට අදාළව ජංගම දුරකථන සමාගම් ලබාදී ඇති දත්ත හා ඇමැතුම්වලට අදාළ තොරතුරුවලට අනුව සිදුකළ විශ්ලේෂණවලදී එම සිම්පත් මඟින් දකුණේ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට ඇමතුම් ලබාගෙන ඇති බවට තොරුතුරු අනාවරණය වූ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජයසුන්දර මහත්මිය අධිකරණයට කරුණු වාර්තා කිරීමකින් තොරව එහිදී සඳහන් කළාය.

එක් දුරකථන සමාගමකින් ගත් සිම්කාඩ්පත් සම්බන්ධයෙන් කැඳවූ දුරකථන විශ්‍ලේෂණ වාර්තා මේ දක්වා ලැබි නොමැති බව ද එහිදී පෙන්වා දුන් ‍‍‍සොලිසිටර් ජනරාල්වරිය සියලු වාර්තා ලැබුණු පසු ඒ ඔස්සේ විධිමත් විමර්ශනයක් සිදුකර සුදුසු අධිකරණ හමුවේ අනාවරණය වන කරුණු මත වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පෙන්වා දුන්නාය.

එම නඩුවේ 2 හා සිව්වන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන ලබන 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *