විශේෂ අධිකරණයට එරෙහිව වෙන්නේ චෝදනා තියෙන අය

යම් පුද්ගලයෙකුට නීතියානුකුල ක්‍රමවේදයක් නොමැතිව දඬුවම් ලබා දෙන්නේ නම් පමනක් එය මානව හිමිකම් උල්ලංගනය කිරිමක් සහ අශිෂ්ඨ ක්‍රියාවක් බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අධිකරණ ක්‍රියාවලියක් තුල වරදකරු වු පුද්ගලයෙකුට දඬුවම් ලබා දිමේන් කිසිදු මානව හිමිකම් උල්ලංගනයක් සිදු නොවන බව ද ඒ මහතා පැවසීය.

විශේෂ අධිකරණයක් ඇති කිරිම වත්මත් මන් රජය බලයට පත් කිරිමේ එක් අරමුණක් වන අතර එය මහජනතාව බලාපොරෝත්තු වුවක් බවට අමාත්‍යවරයා කරුනු පැහැදිලි කළේය.

ඊයේ (16) පැවති මාධ්‍යහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වු අමාත්‍යවරයා පැවසුවේ මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරිමට එරේහි වන්නේ එම අධිකරණ ක්‍රියාවලිය යටතේ වැරදිකරුවන් විමට නියමිතව සිටින අය බවය.

නිවැරදිව නීතිය ක්‍රියාත්මක කිරිම සෑම පුද්ගලයෙකුටම පොදු වු කරුණක් බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.