හිතුවක්කාර එංගලන්ත කෙල්ලො දෙන්නා ලංකාවට ඇවිත් බුදු දහමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ හැටි!

අප ජීවත්වන ශ්‍රී ලංකාව ඊට අන්‍යය වූ සංස්කෘතියකින් යුත් රටකි. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ අපේ සංස්කෘතියේ සෙසු රටවලට වඩා දරු – දෙමව්පිය සම්බන්ධය ඉතා ඉහලය. ශ්‍රී ලංකාවේ බහුතර දරුවන් දෙමාපියන් සහ ඥාතීන් ඇසුරේ හැදිවැඩෙන අතර දෙමාපියන් සහ දරුවන් අතර පවතින බැඳීමද ශක්තිමත් බැඳීමකි.

එම නිසාම දරුවන් දෙමාපියන් කෙරෙහිද ඉමහත් ගෞරවයෙන් කටයුතු කරනා අතර දෙමාපියන් රැකබලා ගැනීමද දරුවන්ගෙන් සිදුවේ. සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශක්තිමත් පවුල් බැඳීමක් පවති.

මීට හාත්පසින්ම වෙනස් බටහිර රටවල ගත් විට දූ දරු දෙමාපිය සම්බන්ධය අතිශය දුර්වලය. අවුරුදු 16 -18 සීමාවේදි එම රටවල දරුවන් පවුල හැරයන අතර ඉන්පසුව ඔවුන් දෙමාපියන් රැකබලා ගන්නේ නැත. එමනිසා බටහිර රටවල වැඩිහිටි පුද්ගලයන් හුදෙකලා වීම එම රටවල දැඩි සමාජ ගැටලුවක් බවටද පත්ව තිබේ.

මෙවැනි සමාජ පරිසරයක් ඇති බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහනක් නිසා ශ්‍රී ලංකාව පිළිබදව ලෝකයේම අවදානයට ලක්ව තිබේ. බ්‍රිතාන්‍යයේ පවුලක මුරණ්ඩු තරුණ ගැහැනු දරුවන් දෙදෙනෙක් මෙම රූපවාහිනි වැඩසටහන විසින් ශ්‍රී ලාංකේය පවුලක් වෙත යම් කාලයකට භාර කරයි. ශ්‍රී ලාංකේය සංස්කෘතිය විසින් එම මුරණ්ඩු ගැහැනු දරුවන් දෙදෙනා සම්පූර්ණයෙන්ම වෙනස් කරන අයුරු එම වැඩසටහනෙන් පෙන්වයි.

එම වැඩසටහන පහතින්,