කොළඹදී නැවතත් තුවක්කු පත්තු වෙයි, මාලු රාජා එතනම ඉවරයි, අහිංසකයන් දෙදෙනෙකුටත් වෙඩි

දිනෙන් දින හිස ඔසවන පාතාලය විසින් සිදු කරන ඝාතන සුලබ ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. පතාල කණ්ඩායමක් විසින් සිදු කළ තවත් එවැනි ඝාතන ද්විත්වයක් පිළිබදව පුවතක් කොටහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.

ටී 56 ගිනි අවි වලින් සන්නද්ධව කොටහේන ජම්පටාවීදියට ඊයේ (08 වැනිදා) රාත්‍රී 8.10 ට පමණ කඩා වැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනකු එහි සිටි කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයකුගේ හිස්‌වලට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදු කර මුළු ප්‍රදේශයම භීතියට පත් කරමින් පලාගොස්‌ ඇත.

හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කල්ලි දෙකක්‌ අතර කාලයක පටන් පවතින ගැටුමක්‌ මෙම ප්‍රහාරයට හේතුවී ඇති බව පොලිසිය පවසනවා. මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්‌ව ඇත්තේ ජම්පටාවීදියේ පදිංචි 50 හැවිරිදි ගීතා නමැති කාන්තාවක්‌ හා 58 හැවිරිදි රාජා නමැති අයෙකි.

මියගිය රාජා නමැත්තා ජම්පටාවීදියේ මාළු වෙළෙඳසලක්‌ පවත්වාගෙන යන අයෙකි. පාතාල සාමාජිකයන් එල්ල කළ ප්‍රහාර වලින් තුවාල ලැබූ අනෙක් දෙදෙනාගෙන් එක්‌ අයකුගේ තත්ත්වය බරපතළ බව සදහන්. තුවාල ලැබූ මෙම පුද්ගලයන් දෙදෙනා මෙම ගැටුමට සම්බන්ධ පුද්ගලයන් නොවන බවත් ඔවුන් ජම්පටාවීදියේ ආපන ශාලාවකින් ආහාර ගනිමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇති බවත් පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේදී ජම්පටාවීදිය ජනාකීර්ණව පැවැති අතර ඒ අතරතුරදී යතුරුපැදියෙන් පැමිණි මෙම පාතාල සාමාජිකයන් වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

මීට සති දෙකකට පමණ ඉහතදී රාත්‍රී කොටහේන ජම්පටාවීදියේදී පාතාල සාමාජිකයන් දෙදෙනකු පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකළ අතර එම ප්‍රහාරයට පලිගැනීමක් ලෙස මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සැක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *