කළු කොටි දිනය සැමරූ අය වහාම අත්අඩංගුවට ගත යුතුයි

කළු කොටි දිනය සැමරීම තහනම් බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංඡනය ප්‍රදර්ශනය කර කළු කොටි දිනය සැමරුයේ නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් එසේ නොවන්නේ නම් එම ප්‍රදේශයේ නීතිය හා සාමය පැවැත්වීමට නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රජය මෙවැනි ක්‍රියා නොදැක්කා සේ සිටිය හොත් අතීතයේ මුහුණ පෑ අමිහිරි මතකයන්ට යළි මුහුණදීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *