පුස්සන් සුදුස්සන් වන අපූරූ යහ පාලනය

සුදුසු පුද්ගලයින් සුදුසු තනතුරු වලට පත්ව වගකීම් දරයි නම් ඉන් ලැබෙන ප්‍රතිලාබයද ඉහළය. නුසුදුස්සන්ට තනතුරු ලැබීම යනු කටුස්සන්ගේ කරේ රත්තරන් මාල බැදීමක් වැනිය. එදා මහින්ද රාජපක්ෂ සමයේ රෝහිත බෝගොල්ලාගම සිටියේ විදේශ අමාත්‍ය වරයා ලෙසය. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවම අප්‍රසාදයට පත් කරලීමට සමත් කරුණු කාරණා බොහෝමයක හිමිකරුවා රෝහිත බෝගොල්ලාගමය. රෝහිත බෝගොල්ලාගම මහතා විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මාස තිස්‌නවයක කාලය තුළදී තිස්‌හය වතාවක්‌ විදේශ සංචාරයන්හි නිරත වී ඇතැයි ද, ඒ සඳහා රුපියල් දෙකෝටි හැත්තෑලක්‍ෂ හැටහත්දහස්‌ හයසිය විසිහයක මුදලක්‌ වැය කර තිබෙන බව ද ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක් සදහන්ය.

දැන් රෝහිත බෝගොල්ලාගම යහ පාලන ආණ්ඩුවට රිංගා පෙර පරිදිම කටයුතු කරමින් සිටී. ඔහුගේ පුතුන් රජයේ ආයතනවල ඉහලම තනතුරු වලට පත් වන්නේ කුමන සුදුසුකමක් නිසාද කියා දන්නේ ඔහුම පමණයි. මේ මෑතකදී බෝගොල්ලාගම සිය යහ පාලනයේ බලය යොදාගත් හැටිය.

පවුලේ උදවිය හිතවතුන් නෑදෑයින් රජයේ ඉහල තනතුරු වලට දමා බෝගොල්ලාගමලා බෝවෙන හැටි නම් හරිම අපූරුය. ජනතාව පහුගිය මැතිවරණයේදී බෝගොල්ලාගමගේ කණට ගසා මැතිවරණයෙන් පරාජයට පත්කලේ ඇපත් නැති වෙන්නය.

ඒ බෝගොල්ලාගම මොන වගේ දූෂිත පුද්ගලයෙක්ද යන්න ජනතාව දැන සිටි නිසාය.නමුත් මෙවන් දූෂිතයන් නැවත යහ පාලන රජයටද කිට්ටු වී තනතුරු තානාන්තර ලබා ගැනීම තුලින් අපහසුවට සහ පීඩාවට පත් වන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවය.

වග කිව යුතු යහ පාලන බලධරයන්ගේ අවධානයට