ඉදිරි සති දෙකේ එළවළු මිල පහළ යාවි

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් මේ මස අගභාගය පමණ වන විට යළි පහළ යනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, මාර්තු මාසයේ පැවති නියඟය නිසා ගොවීන් වගාවට යොමු නොවීම හේතුවෙන් පරිභෝජන අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් එළවළු අස්වැන්නක් නොලැබීම ඉකුත් දිනවල එළවළු මිල ඉහළ යෑමට හේතුව ‍බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පැවසීය.

කෙසේ වෙතත් ඉදිරියේදී අස්වනු නෙළීමත් සමඟ මේ තත්ත්වය යථාතත්ත්වයට පවනු ඇතැයි තමන් විශ්වාස කරන බව කී ඒ මහතා, මේ කුමන තත්ත්වයක් හමුවේ වුව එළවළු ආනයනය සඳහා යොමු නොවන බව වැඩිදුරටත් පවසා සිටියේය.