මැතිවරණ ප්‍රමාදවීම ගැන එළඹෙන සතියේදී සාකච්ඡා කරනවා

මැතිවරණ ප්‍රමාදවීම සම්බන්ධයෙන් එළඹෙන සතියේදී දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ පැවැති ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කල්දැමිම හෝ අවලංගු කිරීම මුලිමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.