බැඳුම්කරයේ ඇතැම් කරුණු හෙළි කිරීම නඩු වලට බාධාවක්

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් ඇමිණුම් ප්‍රසිද්ධ කළ නොහැකි බව නීතිපතිවරයා තමා වෙත දැනුම් දුන් බව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා “ලක්බිම” විමසුමකදී අද (24) පැවැසීය.

එකී ඇමිණුම ප්‍රසිද්ධ කිරීම තුළින් මේ පිළිබඳව  දැනට විභාග වෙමින් පවතින අපරාධ නඩු සහ සිවිල් නඩුවලට අගතියක් සිදුවිය හැකි බව නීතිපතිවරයා දන්වා තිබේ.

එසේ නොමැතිව අර්ජුන ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගත් බව කියන මන්ත්‍රීවරුන් පිළිබඳව තොරතුරු එකී ඇමිණුම්වල නොමැති බවත් මන්ත්‍රීවරුන් වෙත මුදල් නිකුත් කර ඇති බව සඳහන් ‍ලේඛනයක් එම වාර්තාවේ නොමැති බවත් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අප කළ විමසුමේදී තවදුරටත් පැවැසීය.

“අර්ජුන ඇලෝසියස්” මහතාගේ බැංකු ගිණුම් ඇතැම් ගනුදෙනු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් මේ වන විට අරඹා ඇති අතර එම පරීක්ෂණය තුළදී ඇලෝසියස් මහතා මුදල් හෝ චෙක්පත් ලබාදී ඇති පුද්ගලයන් හෝ ආයතන පිළිබඳ  තොරතුරු හෙළිදරව් වනු ඇති බව රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු අප කළ විමසුමකදී පැවැසීය.

පානුක රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *