දකුණේ ධීවරයන්ට වඩමාරච්චි මුහුද තහනම්

දකුණේ ධීවරයන්ට වඩමාරච්චි මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල යෙදීම උතුරේ ධීවර සංවිධාන විසින් තහනම් කර ඇති බවට මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ.

දකුණේ ධීවරයන් විසින් උතුරු පළාතේ ධීවර කටයුතු වල යෙදීමට විරෝධය දක්වා වඩාමාරච්චි ධීවරයන් විසින් පන්නැයි ධීවර කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්ද ආරම්භ කර තිබුණි.  මේ අවස්‌ථාවේ යාපනයේ සහකාර ධීවර අධ්‍යක්‍ෂවරයා විරෝධතාකරුවන් හමුවට පැමිණ නීතිය උල්ලංඝනය කරමින් වඩමාරච්චි වෙරළ ප්‍රදේශයට පැමිණෙන බෝට්‌ටු අත්අඩංගුවට ගන්නා බව පවසා ඇති බවද සදහන්.

මෙම විරෝධතාව සදහා යාපනය නගරාධිපති ආනෝල්ඩ්, දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ මාවෙයි සේනාධිරාජා, එම්. කේ. සුමන්තිරන්, හිටපු මන්ත්‍රී ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු රැසක්‌ සහභාගි වී තිබෙන බවද එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *