ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ගැන ජී.එල් කියයි

රජය විසින් සියලුම මැතිවරණ කල්දැමීමේ දැඩි උත්සහයක නියෙලෙන බවත් මැතිවරණ නොපවත්වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් හා වර්තමාන ජාතික සංවිධායක දුමින්ද දිසානයක පසුගිය දා ප්‍රකාශ කළා දේශපාලන පක්ෂ එකතු කරගෙන පුළුල් සංවිධාන ස්ථාපිත කොට ඊළග ජනාධිපතිවරනයේ දී වර්තමාන ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊළග ජකාධිපති වරණයේදී ඉදිරිපත් වන්නේනම් කිසිදු සහයෝගයක් නොදෙන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

වර්තාමානය වන විට රට අවුල් ජාලවක් වී ඇති බවත් මේ අවුල් ජාලව තවදුරටත් ඉදිරියට ගෙන ගොස් ලාංකික ජනයා දුක් විඳන එක තවදුරත් ඉදිරි ගෙනයාමට ඉඩ නොදිය යුතු බවත් මහාචාර්යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *