බලධාරීන්ගේ නොමනා ක්‍රියාවෙන් ලංකාවට පදක්කමක් අහිමි වෙයි

ක්‍රීඩා බලධාරීන්ගේ හිතුවක්කාර තීරණයක් හේතුවෙන් මෙවර ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 බාලිකා සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ පදක්කම් බලාපොරොත්තුවක් ගිලිහී ගියේ ය.

ජාපානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 බාලිකා සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් හොංකොං කණ්ඩායමේ කාලය ලෙස සටහන්ව තිබුණේ, තත්පර 47කි.

කෙසේ වෙතත් පසුගියදා නිමාවට පත් වූ දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 46.23 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් මීටර් 100 බාලිකා සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවිණි.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන් කියා සිටියේ, එම කණ්ඩායම නියමිත පරිසාදන මට්ටම සපුරා නොමැති බව ය.

නමුත් තත්පර 47 ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත් හොංකොං කණ්ඩායමට අභියෝග කිරීමට මෙවර ශූරතාවලියට සහභාගී වීමට ඉඩ නොලැබුණු ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව තිබූ බව ක්‍රීඩා විශ්ලේෂකයින්ගේ අදහස යි.

කෙසේ නමුත් ක්‍රීඩා බලධාරීන්ගේ හිතුවක්කාර තීරණ හේතුවෙන් මේ ගිලිහී ගියේ රන් පදක්කමක් ද විය හැකි ය.