ජනප‍්‍රිය ගායිකාවක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. තහනම් බඩු සගවාගෙන ඇවිත්..

මෙරට ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක ගායන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් විදෙස්ගතව සිට ආපසු මෙරටට එද්දී කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් විසින් සිය PowerBank වල සගවාගෙන නීති විරෝධී ලෙස රත‍්‍රන් ගෙනඒම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් ගෙන ලද රත‍්‍රන් කිලෝ දෙකක් වන අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි තිස්හය ලක්‍ෂයක් පමණ වෙතැයි තක්සේරු කර ඇත.

ඩුබායි සිට පැමිණි ගුවන් යානයක මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *