එජාපය දෙකඩයි.. රනිල්ට විරෝධය පා 20කට වැඩි පිරිසක් විපක්‍ෂයට..

රුවන් විජේවර්ධන ප්‍රතිසංවිධාන කමිටු යෝජනා කිසිවක් ක‍්‍රියාත්මක නොකර ප්‍රතිසංවිධාන කටයුත්ත අඩාලවීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීන් 20කට වැඩි පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව සිටිවන බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

තව දුරටත් ප‍්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට අවස්ථාවක් ඇති බවත් එය නොතකා නායකත්වය එජාප බහුතර හඬට කන් නොදෙන්නේ නම් විපක්ෂයේ ඉඳ ගැනීමට සිදුවන බවද එජාප ප‍්‍රබලයෙකු පුවත්පතට කියා තිබේ.

දැනටමත් 30ක පමණ පිරිසක් සමග මේ ගැන සාකච්චා කරමින් සිටින බවත් එම පිරිසෙන් 20ක පමණ පිරිසන් විපක්‍ෂයට යාමේ තීන්දුව ගනු ඇති බවත් වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.