මුවට මුව තබා හාදු ඉල්ලූ පිලිපීන ජනපතිට නන්දෙසින් විරෝධය

දකුණු කොරියාවේ සේවයේ නියතු පිලිපීන කාන්තාවක, එරට වේදිකාවක ප්‍රසිද්ධියේ සිප ගැනීම සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේට විවේඡනයන් එල්ලවෙමින් තිබේ.

දකුණු කොරියාවේ සේවය කරන පිලිපීන ජාතියන් අමතා ඔහු කළ කතාවක් අතරතුරදී මෙය සිදුවී ඇති අතර, මෙහිදී ජනාධිපති රොද්‍රිගෝ  කාන්තාවන් දෙදෙනෙකුට වේදිකාවට ඇරයුම් කරයි.

එහිදී, එක් තරුණියකට හාදුවක් දෙමින් ඇය වැළඳ ගන්නා ජනපති, පසුව අනෙක් තරුණියගෙන් මුවට මුව තබා හාදුවක් ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියි.

මෙහිදී, අදාළ තරුණිය පවා යම් අපහසුතාවකට පත්වන අතර, පහළ සිටින පිරිසගේ ඔල්වරසන් මධ්‍යයේ ජනපතිවරයා ඇයගේ මුවට මුව තබා හාදුවක් ලබාදී, පසුව ඇයව වැළඳ ගනී.

කෙසේ වෙතත් පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව මානව හිමිකම් සංවිධාන වල දැඩි විරෝධයටට ලක්ව ඇති අතර,පීලීපන ජනාධිපතිවරයා කාන්තාවන් වෙත මෙවැනි අසෝභන හැසිරීම් පලකල පළමු අවස්ථාව මෙය නොවන බවද සඳහන් වෙයි.

වීඩියෝව පහතින් නරඹන්න.