ස්පාඤ්ඤ අගමැති ධූරයෙන් ඉවත්කරයි

විශ්වාසභංග යෝජනාවක් හේතුවෙන් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය මරියානෝ රාජෝයි හට සිය ධුරය වී  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්පාඤ්ඤ විපක්ෂය වන සමාජවාදි පක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම එරට පාර්ලිමේන්තුවේදී අද(01) පැවැත්විය.

විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද විමසීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබූ බව සඳහන්ය.

දූෂණ අක්‍රමිකතා චෝදනාවක් මුල් කර ගනිමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *