රටේම ලොක්කන්ගේ කේන්දර බැලු ප‍්‍රකට දෛවඥයා දුම්රියට පැන දිවි නසාගනී..

මෙරට සුප‍්‍රසිද්ද දෛවඥයෙකු ලෙස කටයුතු කල නාත්තන්ඩියේ පී.බී. පෙරේරා මහතා දුම්රියකට පැන දිවි නසාගෙන තිබේ.

මීගමුව පොලීසිය සදහන් කරන්නේ කට්ටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඔහු දුම්රියට පැන මෙසේ දිවි නසාගෙන ඇති බවයි.

දුම්රිය මාර්ගය ආසන්නයේ වාඩි වී සිටි මොහු කොළඹ සිට හලාවත තෙක් ධාවනය වූ දුම්රියට පැන දිවි නසාගත් බව සිදුවීම ඇසින් දුටු පුද්ගලයන් පවසති.

පොලිස් පරීක්‍ෂණවලදී හෙලිව ඇත්තේ දෛවඥයා ණය ගෙවා ගැනීමට බැරිව සිත් තැවුලෙන් සිටි බවයි.