‘මාධ්‍ය කියන්නෙ බොරු’ – දකුණේ පැතිරෙන රෝගය ගැන රාජිත කියන කතාව

දකුණේ පැතිර යන වෛරස් රෝගය පිළිබඳව මාධ්‍ය සහ නොයෙකුත් සංවිධාන අසත්‍ය ප්‍රකාශ කරන බවත් මේවන විට එම රෝගය ඉතා හොඳින් පාලනය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

රෝහල් පහසුකම් අඩු නම් පුද්ගලික අංශයේ දැඩි සත්කාර ඒකක භාවිත කොට ඒ සඳහා මුදල් ගෙවන ලෙස තමා නියෝග කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මාධ්‍යවලින් පවසන පරිදි දහ පහළොස් දෙනෙකු මෙයින් මිය ගියේ නැති බවත් මෙම රෝගයෙන් මියගියේ 9දෙනෙකු පමණක් බවත් ඔහු අවධාරණය කළා.