බැදුම්කර ඇලෝසියස් මටත් සල්ලි දුන්නා..

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් චූදිතයෙකු වූ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින අර්ජුන් අලෝසියස් තමනටද මැතිවණ ව්‍යාපාරය සදහා මුදල් දුන් බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රුපියල් ලක්‍ෂක පමණ වූ එම චෙක්පත තමන් අතට ගෙන එවෙලේම එතැන සිටි අපේක්‍ෂකයන් දෙදෙනෙකුට දුන් බවද ඔහු සදහන් කරයි.

ව්‍යාපාරිකයන් එසේ කිරීම සාමාන්‍ය දෙයක් වුවත් මිලියන ගණනින් ගණුදෙනු වෙන්නේ නම් එහි වෙනසක් ඇති බවද ෆොන්සේකා මහතා කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

YouTube Video Preview