දුම්රිය වර්ජනය ඉදිරියට කරනවාද? නැද්ද? තීරණය අද

‍ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව අද (31) පෙරවරුවේ  තීරණය කරන බව  දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පෙරේදා පස්වරු 4.00ට ආරම්භ කළ සංඛේත වැඩවර්ජනය අද පස්වරු 4.00ට අවසන් කිරීමට සැළසුම් කර තිබිණි.

කෙසේවෙතත් මෙතෙක් සිය ගැටලු වලට විසදුම් ලබාදීමට බලධාරීන් පියවර ගෙන නොමැති බැවින් අද පෙරවරු 10.00ට විධායක සභාව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේය.

සිය ගැටලු වලට විසදුම් ලබාදීම වෙනුවට වෘත්තීය සමිති කියාමාර්ගයේ නිරත සේවකයින් මර්ධනය කිරීමට බලදාරීන් උත්සාහ දරමින් සිටින බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා සඳහන් කළේය.