එජාප ප්‍රබලයින් 10ක් එජාපයෙන් ඉවත් වෙයි

ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් 10කට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රබල දේශපාලනඥයින් පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඒ බව දන්වා ඇතැයි වාර්තා වේ.

ඉදිරි මැතිවරණවලදී තාරුණ්‍යට වඩා ක්‍රියාශීලි අයුරින් සිය පක්ෂයේ කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව දීම සඳහා තමන් ආසන සංවිධායක ධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එහිදී ඔවුන් අගමැතිවරයාට සඳහන් කර තිබේ.

මෙලෙස ඉල්ලා අස්වීමට නියමිත ‍දේශපාලනඥයින් අතර කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.