ඩෙංගු හිස ඔසවයි- රට පුරා රෝගීන් 18,586ක්

දිවයින පුරා ඩෙංගු රෝගීන් 18586 ක් මේ වන විට වාර්තා වී ඇති අතර නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඩෙංගු මදුරු ග්‍රහණය ඉහළ යා හැකි බැවින් මහජනතාව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ගම්පහ, කළුතර, මඩකලපුව, කල්මුණේ, කෑගල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය පැතිර යාමේ වැඩි අවධානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුසිලා සමරවීර මහත්මිය පැවැසුවාය.
මේ නිසා තද උණ සමග හිසරදය, මස්පිඬු වේදනාව, වමනය ආදී රෝග ලක්ෂණ පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ඇය ජනතාවට දන්වයි.