විදුලි සැර වැදී ඉන්දීය ජාතිකයෙක් මරුට

විදුලි සැර වැදීමෙන් වෙරළබඩ ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයෙකු මියගොස් තිබේ.
කොළඹ වරායේ නැව් තටාංගණ සේවකයෙකු හට මෙලස විදුලි සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය.
විදුලි සැර වැදමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 38 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.