O/L පාස් නැති පොලීසිය කෙලසන DIG කෙනෙක්

ග්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් කරන ඉහළ නිලධාරියකු පිළිබඳව එම දෙපාර්තමේන්තුවෙන්ම වාර්තා වෙයි.
මෙම පුද්ගලයා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. නමුත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වීමට අවම සුදුසුකම් හෝ මොහු සපුරා නොමැත. අවම වශයෙන් එම ධූරය සඳහා නියමිත උස හෝ ඔහුට නොමැත. උසස් පෙළ සමත් වී නොමැති අතර ඇත්තේ ද හොර උපාධියකි.
ශාරීරික පරීක්ෂණ සඳහා ද සහභාගි නොවන්නේ ඉන් ද අසමත් වන නිසා වෙනි. මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය උපාධිය ලෙස සඳහන් කර ඇත්තේ National first grade college, 150/23, Hennar cross st. Thomas town, Bangalore යන ස්ථානයයි. උපාධි වර්ෂය 1998 ය. සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂයන් සියල්ල සඳහා ඇත්තේ ද සාමාන්‍ය සමත් වීමකි. (S)
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම තොරතුර අනාවරණය වූයේ කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරියරයෙකු ජාතික පොලිස් කොමිසමට කළ පැමිණිල්ලක් නිසාවෙනි. මේ පිළිබඳව දැන් පරීක්ෂණ පැවැත්වෙයි.
ඉකුත් භීෂණ පාලන සමයේදී බුද්ධි අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ මේ පුද්ගලයා එකල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කළ අපරාධ රැසකට නායකත්වය දුන් අපරාධකරුවෙකි. නව නීතිය හා සාමය ඇමතිවරයාගේ අවධානය මොහු පිළිබඳව යොමු විය යුතුය.