පද්මාවතිත් එක්ක ඉන්දියාව ගිනි තියන්න නිල් චිත්‍රපට නිළි මියාත් එයි..

මතබේදයට තුඩු දී ඇති සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවති චිත්‍රපටය නිසා මේ වන විට තිරගත වීම ආරම්භ කර ඇති අතර ඊට විරෝධය පළ කරමින් හින්දු දක්ෂිණාංශික කණ්ඩායම් වල ආධාරකරුවන් විසින් ගුජරාට ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණ විනාශ කරමින් රථ වාහන ගිනිබත් කරමින් ප්‍රචණ්ඩකාරී හැසිරෙන බව ගුජරාට පොලිසිය පවසයි.

අන්තවාදී කණ්ඩායම් කියා සිටින්නේ ඉන්දීය පුරාවෘත්තයක් වන ‘පද්මාවතී’ නමින් හින්දු රැජිනගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද චිත්‍රපටය ඉතිහාසය විකෘති කර ඇති බවයි.

මේ අතර අද තිරගත වීම ආරම්භ කිරිමට සැරසෙන ප්‍රවීණ ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන රාම් ගෝපාල් වර්මාගේ නවතම චිත්‍රපටයද මතබේදයට තුඩු දී ඇත.

God,Sex and Truth ලෙස නම් කොට ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඇමරිකානු නිල් චිත්‍රපට නිළියක වන මියා මල්කොවාය.

ෙකෙසේ වෙතත් සමාජ ක්‍රියාකාරීන්ගේ මෙන්ම කාන්තා සංවිධාන වලත් දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර හයිද්‍රාබාද් නුවර සහ විශාකා පට්නම්හි විරෝධතාද පැවත්වී ඇත

එමෙන්ම මෙම චිත්‍රපටය තහනම් කරන ලෙසත්, රාම් ගෝපොල් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔවුන්ගේ ඉල්ලීම වී ඇත.

ගැහැණිය යනු ලිංගික භාණ්ඩායක් බවත් මෙම චිත්‍රපටය හරහා කාමුක දර්ශන හා ලිංගිකත්වය  ප්‍රවර්ධනය කරන බවත් විරෝධතාකරුවන්ගේ අදහස වී ඇත.