රටක් බලාසිටි තරඟ දෙකක් එකදිගට පැරදි නායකයා මාධ්‍ය වේදීන් සමග ගටුනුහැටි මෙන්න

ඉන්දියාව අඛණ්ඩව ටෙස්ට් තරගාවලි රැසක් ජයග්‍රහණය කරමින් දකුණු අප්‍රිකාවට පැමිණයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙසයි.

ඔවුන් අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරග 30න් 21ක් ජයගෙන පරාජය වී තිබුනේ තරග 2ක් පමණයි.

ඉතිරි තරඟ 7 ජය පරාජයෙන් තොරව නිමවුනා.

මේ පසුබිම යටතේ දකණු අප්‍රිකාවට පැමිණි කෝලි ප්‍රමුඛ ඉන්දියාව පළමු ටෙස්ට් තරඟ දෙකම පරාජය වුනේ තරඟයක් ඉතිරිව තිබියදීයි.

සැම විටම ජයග්‍රහණය සොයන ඉන්දීය මාධ්‍යවේදීන් තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී කෝලිගෙන් කණ්ඩායමේ වෙනස්කම් සිදු කිරීම ගැන දැඩි ලෙස ප්‍රශ්න කලේ තරඟය අතරතුර පිටියේදී යෝකර් පන්දු යවන ලෙසයි.

ඕනෑම දරුණු පන්දුවට පහර එල්ල කිරීමට සමත් කෝලි එම ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු දුන්නා.

පහත දැක්වෙන්නේ එම සංවාදයයි,

මාධ්‍යවේදියා; ඔබ තරගයෙන් තරගයට කණ්ඩායම වෙනස් කරනවා, එහෙම වෙනස්කම් කරමින් කොහොමද අපි වෙනස් ප්‍රථිඵලයක් බලාපොරාත්තු වෙන්නේ.
කෝලි; අවසන් වරට පැවති ටෙස්ට් තරග 30න අපි 21ක් දිනලා තියනව පැරදිලා තියෙන්නේ 2ක් විතරයි.

මාධ්‍යවේදියා; ඔබ වෙනස්කම් කීයක් කරලා තියනවද?
කෝලි; මම ඔබෙන් අහන්නේ පසු ගිය ටෙස්ට් තරගවලින් අපි කීයක් දිනුවද කීයක් පරදුනාද?

මාධ්‍යවේදියා; ඉන්දියාවේදී කීයක් දිනුවද? 
කෝලි; කොහෙද කියන එක අදාල නෑ, කොහේ සෙල්ලම් කලත් අපි බලන්නේ අපේ උපරිම දෙන්න, මම මෙතනට ආවේ ඔබට උත්තර දෙන්න, ගහගන්න නෙමෙයි.

මාධ්‍යවේදියා; ඔබ හිතනවද තාමත් ඉන්දියාව ලෝකේ හොදම කණ්ඩායම කියලා?
කෝලි; ඔබ මට කියන්න, දකණු අප්‍රිකාව කී පාරක් ඉන්දියාවට ආවද? ඔවුන් තරගයේ ජයග්‍රහණය ලගට කී පාරක් ඉන්දියාවේදී ඇවිල්ලා තියනවද?

මාධ්‍යවේදියා; ඉන්දියාවේ තියෙන්නේ දගපන්දු යවන්නට හිතකර තණතීරු?
කෝලි; මම දකුණු අප්‍රිකාවේ තණතීරු ගැන අප්‍රසාදය පල කරන්නේ නෑ. මම කේප් ටවුන් තණතීරු ගැන චෝදනා කරන්නේ නෑ. අපි දකුණු අප්‍රිකාවට ආවේ ක්‍රීඩා කරන්න. පසුගිය තරග දෙකම ජයග්‍රහණය කරන්න අපි දෙගොල්ලනටම අවස්ථාව තිබ්බා. අපි ජයග්‍රහණය කරා යන මාවතට අවා. මම මගේ ක්‍රීඩකයින් ගැන 100%ක් සතුටු නෑ. අපි කවුරුත් තමන්ගේ වගකීම් ගැන තේරුම් ගන්න ඕන.