බරක් ඔබාමා බිරිඳට දුන් අපූරු උපන්දිග තෑග්ග…!!

හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා සිය 54 වැනි ජන්ම දිනය ඊයේ සමරනු ලැබුවා.1964 ජනවාරි මස 17 වන දින උපත ලැබූ ඇය 1992 ඔක්තෝම්බර් මස 03 වනදා බරක් ඔබාමා සමඟ විවාහ වනවා.

ඊයේ දින ඇයගේ උපන්දිනය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා යැවූ ත්‍යාගය සහ සුබ පැතුම් පණිඩිඩය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා.

තම බිරිඳ වෙනුවෙන් අලංකාර මල් කළඹක් සහ සුබපැතුම් පතක් තිළිණ කල හිටපු ජනාධිපති වරයා ඇයට සුභපතා ඉන්ස්ටර්ග්රූම් පණිවිඩයක්ද යවා තිබුණේ මෙලෙසින්.

“ඔබ මගේ බිරිඳ සහ මගේ දරුවන්ගේ මව පමණක් නොව, ඔබ මාගේ හොඳම මිතුරියයි”මම ඔබේ ශක්තිය, ඔබේ කරුණාව සහ ඔබේ අධිෂ්ඨානය කෙරෙහි ඇලුම් කරන්නෙමි. හැමදාම මම ඔයාට  ආදරෙයි. සුභ උපන්දිනයක්..!!