සීතල වුණු ඇමරිකාවේ මිදුණු ජලාශ වල යෝධ කිඹුල්ලු නොමැරී ජීවත් වෙන්න කරන අපූරු වැඩේ මෙන්න..

කුණාටු තත්වයක් නිසා මේ දවස් වල ඇමරිකාවට බලපාලා තියෙන්නේ අධික ශීත සහිත කාලගුණ තත්වයක්.

ඇමෙරිකාවේ මිනිසුන් පමණක් නෙවෙයි සතුනුත් මේ අධික සීතලෙන් පීඩා විඳිනවා දැකගන්න ලැබෙනවා.

මේ අතරේ ඇමරිකාවේ අයිස් මිදුනු ජලාශවල සිටින කිඹුලන් ඔවුන්ගේ ජීවිත බේරගන්න ජලය මතුපිටට ඇවිත් ඔවුන්ගේ නාසය ජල ස්ථරයෙන් පිටතට දාගෙන ඉන්න හැටි මාධ්‍ය වාර්තා කරලා තියනවා.

මෙහෙම ඉන්නකොට ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය අඩුවෙලා තවකාලික නිද්‍රා තත්වයකට පත්වෙනවා කියලයි කියන්නේ.

වීඩියෝ සහ ඡායාරූප පහතින් නරඹන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *