කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්ට බෞද්ධ කොඩි අකැපයිද…?

කුච්චවේලි පොල්වත්ත ප්‍රදේශයේ නැවත පදිංචියට ආ පවුලක් තම නිවස ඉදිරිපිට බෞද්ධ කොඩියක් ඔසවා තිබූ අවස්ථාවක එම කොඩිය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් බලහත්කාරයෙන් ගලවා දැමූ පුවතක් වාර්තා වෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය ත්‍රිකුණාමලය දිසාපතිවරයාට ලිපියක්ද යවා ඇති බව   එම සංවිධානයේ කැඳවුම්කරු අනුර බණ්ඩාර පවසනවා.

දිගුකලක් තිස්සේ අවතැන්ව සිටි තමන් උපන් ගමට පැමිණීමේ ප්‍රීතිය නිසා බෞද්ධයෙකු ලෙස බෞද්ධ කොඩිය එසවූ බවත්, එලෙස නිවස ඉදිරිපිට බෞද්ධ කොඩිය එසවීමෙන් පසු නිල රථයෙන් පැමිණි කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ඔහු සමඟ සිටි පිරිසට බෞද්ධ කොඩිය ගලවා දැමීමට නියෝග කල බවත් දිසාපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *