බලන්ගොඩ ලුණුගල් ගෙයින් හමුවුණු අවුරුදු 6300ක්‌ හරහා ලේ පැල්ලම

වන වදුලෙන් සහ පස්‌ තලාවෙන් යටව වසර සිය දහස්‌ ගණනක අතීතය සැඟව ගොස්‌ තිබේ. එවන් ලාංකීය අභිමානය සමගින් කාලයේ වැලි තලාවට යටව ගොස්‌ ඇති ඒ මාහැඟි තොරතුරු සොයා පුරා විද්‍යාඥයෝ කැණීම් සිදු කරමින් මහා මෙහයක්‌ කරමින් සිටිති. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රා- සෝමදේව මහතා ඒ අතරින් අපේ ඉපැරණි උරුමයන් සොයා යමින් මහා යුග මෙහවරක්‌ කරනු ලබන පුරෝගාමී පුරාවිද්‍යාඥයෙකි.
ඒ අනුව රාඡ් සෝමදේව මහතා සහ පිරිස බලන්ගොඩ වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉලුක්‌කුඹුර සහ පනාන ප්‍රදේශයේදී කැණීම් ආරම්භ කරනු ලැබුවේ ඉතිහාසය පිළිබඳව වටිනා කරුණු රැසක්‌ අනාවරණය කර ගැනීමටය. ඒ අනුව මෙම ප්‍රදේශවාසීන් ලුණුගල්ගේ ලෙස හඳුන්වන ගල්ගුහාව ආශ්‍රිතව කැණීම් සිදු කරන්නට වුහ. මේ ආකාරයේ කැණීම් සිදු කරන විට අතීතයේ ගොවියා භාවිත කළ වී ඇට සහ විවිධ පුරා වස්‌තූන් රැසක්‌ හමුවන්නට වූහ. එම නිසා මෙම පරීක්‌ෂකයන් ඉතාමත් සියුම් ආකාරයෙන් දිගින් දිගට මෙම ස්‌ථානයේ කැණීම් සිදු කරන්නට වූහ.

n15 2එහිදී හමුවු ඉපැරණි ගල් ආයුධයක්‌ ඉතා හොඳින් පරීක්‌ෂා කර බැලූ රාඡ් සෝමදේව මහතාට එහි පැරණි ලේ පැල්ලම් වැනි යමක්‌ තිබෙන බව පෙනි යන්නට වූවේය. පුරා විද්‍යාව පිළිබඳව හසල දැනුමකින් හෙබිව සිටි රා- සොමදේව මහතා නැවත නැවතත් ඉතා සියුම් ආකාරයෙන් මෙම ගල් ආයුධය පරීක්‌ෂා කරන්නට විය.

මේක නම් ඉපැරණි ලේ පැල්ලමත් තමයි සිතූ ඔහු මේ ගැන දිගින් දිගටම පරීක්‌ෂණ කිරීමෙන් යමක්‌ අනාවරණය කිරීමට හැකිවන බව සිතන්නට වූවේය.

මෙම ගල් ගුහාව ගම්වාසීන් විසින් හඳුන්වන්නේ ලුණුගල්ගේ නමිනි. 2015 වසරේදී මෙම ගුහාවේ කරන ලද පුරා විද්‍යාත්මක කැණීමක්‌ මගින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලමක මතුපිට ඉතිරිව තිබූ මෙම පැල්ලම මිනිස්‌ රුධිරය විය හැකි යෑයිද ඒ අනුව ඒ පිළිබඳව ඉලෙක්‌ට්‍රොaන පරිලෝකන අන්වීක්‌ෂ මගින් මේ පිළිබ`දව පරීක්‌ෂණ සිදුකර ඉතා වැදගත් තොරතුරක්‌ අනාවරණය කරගන්නට හැකිවෙනු ඇතැයි රාඡ් සෝමදේව මහතාට සිතුණි.

වසර 120 ඉතිහාසයක්‌ ඇති දකුණුq ආසියාවේ පැරණිතම වෛද්‍ය පර්යේෂණ ආයතනයක්‌ වන බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඉලොක්‌ට්‍රොaන අන්වීක්‌ෂ අංශය මෙය සැබෑ ශ්‍රී ලාංකීය ජාතික මෙහෙවරක්‌ ලෙස සලකමින් මෙම කාර්ය සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙන්නට ඉදිරිපත් වන්නේය. සාමාන්‍ය ආලෝක අන්වීක්‌ෂයක්‌ මගින් උපරිම ලෙස 1500 වාරයක්‌ විශාල කොට දැකිය හැක. නමුත් ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂයක්‌ මගින් යම් වස්‌තුවක්‌ ලක්‌ෂ ගණනක්‌ විශාලව දැක ගැනීමට හැකිය.

ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂයෙන් භාවිතාවන ඉලොක්‌ට්‍රොaන ධාරාව මගින් වඩාත් විශ්ලේෂනාත්මක කරුණු ලබාගත හැක. ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ වර්ග දෙකක්‌ තිබෙන අතර ඉන් රුපියල් මිලියන 150 ක්‌ පමණ වටිනා සම්ප්‍රේෂිත ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂය මගින් අභ්‍යන්තර ව්‍යqහයද රුපියල් මිලියන 100ක්‌ වටිනා පරිලෝකිත ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂය මගින් මතුපිට ව්‍යqහයද පරික්‌ෂා කළ හැකිය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇත්තේද සම්පේෂිත ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂ දෙකක්‌ සහ පරිලෝකිත ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ 06 ක්‌ පමණි.

මෙවැනි පහසුකම්වලින් සපිරි බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්‌ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා මේ පිළිබඳව පරීක්‌ෂණ කටයුතු ආරම්භ කරන්නට වූවේය. ඒ අනුව රාඡ් සෝමදේව මහතා ලබා ගන්නා ලද මෙම තිරුවානා ගල් විශේෂයකින් නිමවූ ආයුධයේ මත තැවරුනු ලේ පැල්ලමේ යෑයි අනුමාන කරන දේ පිළිබඳව තම නිවසේ තිබෙන යු. එස්‌. බී. අන්වීක්‌ෂය මගින් මේ පිළිබඳව අදාළ ජායාරූප ලබා ගනිමින් පරීක්‌ෂණ කටයුතු ආරම්භ කරන්නට වූවේය.

මෙම ගල් ආයුධයේ මිනිස්‌ රුධිර පැල්ලමක්‌ තිබෙනවා යෑයි මට මුලදී සිතුණේ නැහැ. නමුත් මම ඉතා උනන්දුවෙන් මෙම පරීක්‌ෂණ කටයුතු සිදුකරා. පස්‌සේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂය අංශයේදී මෙම ගල් ආයුධයේ දුඹුරු පැහැ පැල්ලම ඉතා සියුම් ලෙස කුඩා ප්‍රමාණයකින් ඉවත් කර අති නවීන තාක්‌ෂණ භාවිතාවන් සහිත රසායානාගාර ක්‍රම වේදයක්‌ මගින් පරිලෝකිත ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂයෙන් මම පරීක්‌ෂණයන් සිදු කරා. එම අන්වීක්‌ෂයෙන් මෙම මතුපිට ස්‌වරූපය ඉතා සියුම් ආකාරයෙන් නිරීක්‌ෂණය කර හැකියි. ඉතා වෙහෙසකර සහ දීර්ඝ මෙහෙයුමකට පස්‌සේ බොහෝ ලෙසින්ම මිනිස්‌ රතු රුධිරාණුවක හැඩයෙන් උරුමකම් සහිත සෛල කිහිපයක්‌ මට නිරීක්‌ෂණය කරන්න හැකිවුණා. ඒ ආකාරයෙන් රාඡ් සෝමදේව මහතා සොයා ගන්නා ලද ඒ ඉපැරණි ගල් මෙවලමේ තිබූ පැල්ලම මිනිස්‌ රුධිරය බව ශ්‍රී ලාංකීය වංශ කතාවට ආදි මානවයාගේ තොරතුරු ඇතුළත් තවත් නව පිටුවක්‌ ඒ ආකාරයෙන් එක්‌වුණා.

සාමාන්‍යයෙන් රතු රුධිරාණුqවක මයික්‍රෝන 7.2 වන අතර මෙම පැල්ලමේ තිබුණ සෛලවල මයික්‍රෝන 6.0ක්‌ සහ 7.0ක්‌ අතර ප්‍රමාණයෙන් දක්‌නට ලැබුණා. පරිලෝකිත ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ මගින් ලබා ගත් ජායාරූප විදෙස්‌ විද්වත් නිරීක්‌ෂණයන්ටද භාජනය වූ අතර ඒවා බොහෝ ලෙසටම මිනිස්‌ රතු රුධිර සෛල වලට උරුමකම් ඇති බව ඔවුන්ගේද මතයෑයි මෙම නව සොයාගැනීමට විද්‍යාත්මක අංශයෙන් දායකත්වය ලබා දෙමින් රාඡ් සෝමදේව මහතාගේ පර්යේෂණයට සිය දායකත්වය උපරිම ආකාරයෙන් ලබා දුන් කිර්ති වික්‍රමරත්න මහතා පවසා සිටියේය.

මෙයට පෙර යුරෝපයේදි හමුවූ අයිස්‌ මිනිසාගේ රුධිර සෛල පරිලෝකිත ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ ඇසුරෙන්ද හැදෑරීම්කර තිබේ. එම රුධිර සෛලද වසර පන්දහකට වඩා පැරණිය. නමුත් මෙම මිනිස්‌ රුධිර සාම්පලය ඊටත් වැඩි කාලයක්‌ පැරණිය.

මහා වනාන්තරද, ගිරි මුදුන් සහ ගල් ගෙවල් වැනි විවිධ ස්‌ථානයන්හි මහා දුෂ්කරතාව විඳිමින් වසර ගණනාවක්‌ තිස්‌සේ ශ්‍රී ලාංකීය ඉතිsහාසයට මාහැඟි සොයා ගැනීsම් රැසක්‌ සොයා අතීsත තොරතුරු නිබදවම අනාවරණය කරමින් සිටින මෙම ඉපැරණි ලේ පැල්ලම සොයා ගනිමින් ඉතිහාසයේ නව පිටුවක්‌ සනිටුහන් කිරීමට මුල්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාඡ් සෝමදාස මහතා මෙම සොයා ගැනීම පිළිබඳව මෙසේ අදහස්‌ දක්‌වා සිටින ලදී.

අපිට මෙම ගල් මෙවලම හමුවුණේ 2015 වසරේදී. මෙය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලමක්‌. මෙම ගල් මෙවලමේ තිබූ පැල්ලම ලේ පැල්ලමක්‌ යෑයි මා අනුමාන කර ඒ හරහා බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා අදාළ විද්‍යාත්මක පර්යේෂණයන් සිදුකරනු ලැබුවා. ඒ පිළිsබඳව ලබාගත් ඉලෙක්‌ට්‍රොaනික පරිලෝකන අන්වික්‌ෂ ඡායාරූප මගින් මිනිස්‌ රුධිරයට අයත් බව තහවුරු වුණා.

එම ගල් මෙවලම තැන්පත් වූ පස්‌ ස්‌ථර විද්‍යාත්මක කාලනිර්ණය කිරීමෙන් මෙම රුධිර පැල්ලම ක්‍රිස්‌තු පූර්ව 4300 – 3900ත් අතර කාලයට අයත් බව සනාථ වුණා. ඒ අනුව මෙම රුධිර පැල්ලම සහිත මෙවලම භාවිත වර්ෂ අනුව අවුරුදු 6300ක්‌ පැරණි කාලයට අයත් වූවක්‌ යෑයි අනාවරණය වුණා. වැඩිදුර මෙය අධ්‍යනය කිරීම සදහා මෙම ගල් මෙවලම රාගම වෛද්‍ය පීඨයට යවා තිබෙනවා.

නිවර්තන කලාපිය වියළි ගල් ගුහා අභ්‍යන්තරයේ පවතින ආංශුක පරිසර තත්ත්වය මෙවැනි ජීව විද්‍යාත්මක සලකුණු දිර්ඝ කාලයක්‌ තිස්‌සේ සුරැකිව තිබෙන්නට ඇතැයි සිතනවා. ලෝකයේ මෙවැනි අති පුරාණ මිනිස්‌ රුධිර පැල්ලම් වාර්තාවී තිබෙන්නේ දහයකට අඩු සංඛ්‍යාවක්‌. එවැනි දේ අධ්‍යනය කිරීම සඳහා රුධිර සායන විද්‍යාව (ය්eපද – ඒචය්බදපහ) නමින් උප ශික්‌ෂණයක්‌ දැන් ලෝකයේ දියුණු වී තිබෙනවා යෑයි මෙම විශිෂ්ට සොයා ගැනීමට මුල්වෙමින් සැමදාමත් මෙවන් ඉතිහාසයේ විස්‌මිත සොයා ගැනීම් සොයා ලොවට හෙළිකරන මහාචාර්ය රා- සෝමදේව මහතා ඉරිදා දිවයිනට අදහස්‌ දක්‌වමින් පවසා සිටින්නට වූවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය සුනිල් ද අල්විස්‌ මහතා මේ සොයා ගැනීම පිළිබඳව මෙසේ අදහස්‌ දැක්‌වූවේය.

ඉතිහාසය පිළිබඳව මහා වෙහෙසක්‌ දරලා කරුණු සොයා යන මහාචාර්ය රා- සෝමදේව වැනි පුරා විද්‍යාඥයිsන්ට අපි සහාය දිය යුතුයි. අපි මෙහි සේවය එවැනි දේටත් ලබාදිය යුතුයි. මෙම සොයා ගැනීම ලංකාවට පමණක්‌ නොවෙයි මු`ඵ ලොවටම වටිනා දෙයක්‌. අපි ඉදිරියේදි මෙම ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ තවත් වැඩි දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරියේදි කුඩා දේවල් වල පවා කාලයත් එක්‌ක සිදුවන වෙනස්‌ වීම් හඳුනාගන්න හැකි ආකාරයට වැඩි දියුණු කරනවා. ඒ නිසා ඉදිරියේදි මෙවන් පරීක්‌ෂණයන් සඳහා එවිට තවත් පහසුකම් ලබා දෙන්නට ප`qඵවන් යෑයි සුනිල් ද අල්විස්‌ මහතා පවසා සිටියේය.

ශ්‍රී ලාංකීය වංශ කථාවේ අපගේ ආදිතම මිනිසෙකුගේ රුධිර සෛල සොයා යැමේ කටයුත්ත ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවූ බව සටහන් කළ යුතුමය. රාඡ් සෝමදේව මහතා ඇතු=`ඵ පුරාවිද්‍යා පිරිවර සොයා ගත් ඒ මහා සොයා ගැනීම විද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා මෙවන් වූ විශේෂ පරීක්‌ෂණයන් සඳහා දායකවීමට ඉඩ හසර ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පර්යේෂණ හා පුහුණූ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය සුනිල් ද අල්විස්‌ මහතා, වෛද්‍ය පර්යේෂණ ආයතන අධ්‍යක්‌ෂතුමන්ට, විශේෂඥ වෛද්‍ය (පටකවේද) නිෂාලි ඒකනායක මහත්මියට සහ වෛද්‍ය පර්යේෂණාගාර තාක්‌ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතාට කෘතවේදිත්වය හිමිවිය යුතුමය.

මහාචාර්ය රාඡ් සෝමදේව වැනි විද්වතෙකු සොයා ගත් අපූරුව ජාතික වටිනා කමකින් යුත් පර්යේෂණයකට දායකත්වය සැපයීමට හැකිවීම වෛද්‍ය පර්යේෂණ තාක්‌ෂණ විද්‍යාඥයෙකුට සුවිශේෂී අවස්‌ථාවක්‌ වනු නොවනුමානය.

මානව වංශ කථාව දිදුලන්නේ අධිෂ්ඨාන සහගත හා දිරිය මිනිසුන් ඉදිරිපත් කළ නැවුම් වූ පර්යේෂණ නිසාවෙනි. ලෝකය වඩාත් ප්‍රබුද්ධ හා පැහැබර කළෝ නම් එක්‌ ප්‍රතිභා සම්පන්න මිනිසුන්ගේ අනුහසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රජාවේ අභිමානවත් ඉතිහාසයේ සුවිශේෂී මං සලකුණු සොයා ගිය ධෛර්යය සම්පන්න ගමනට එක්‌වෙමින් බාධක පරයා ගොස්‌ සත්‍යය ගවේෂණය කරන්නන් හට තිළිණ වන්නේ කුමක්‌ද? එවන් දේ නොලැබුණද නිහ`ඩවම ජාතියේ උරුමයන් සොයා යන රා- සෝමදේවයන් වැනි විද්වතුන්ට සහ මෙම පර්යේෂණයට නොමඳව සහාය දැක්‌වූ බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීන් මහත්වරුන්ට සහ කීර්ති වික්‍රමරත්න මහතා ඇතුළු කාර්ය මණ්‌ඩලයටද ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුමය.

සුසන්ත අමර බන්දු