මාත් එක්ක ඉද්දිම වෙන ගෑණු ගෙදර තියාගත්තා

ඡායාරූප සඳහා පහළට යන්න

ප්‍රවීන රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ නිරූපන ශිලිපිනයක් මෙන්ම රංගන ශිල්පිනියක වන රිද්මා දිසානායක නව දිවියක් ආරම්භ කළ පුවත පසුගිය දා දැඩි අවධානයක් දිනාගත්තා.

රොෂාන් – රිද්මා ආදර කතාව එලෙසින් ප්‍රසිද්ධ වද්දි මෙම ආදර කතාවට සම්බන්ධ තවත් චරිත ප්‍රසිද්ධ වීම සිදු වූවා.

ඒ අතරින් සුනාලි රත්නායක ප්‍රධානයි.

රොෂාන් පිලපිටියගේ කලින් පෙම්වතිය යැයි කියන සුනාලි , තමන්ට සිදුවූ අසාධාරණය පිළිබදව මුද්‍රිත මාධ්‍යයක් සමග සංවාදයකට එක් වෙමින් මෙලෙස හෙළිකර තිබුණා.‍ෙ

♦ සුනාලි හැමදේටම කලින් මාධ්‍යවේදිනියක් නේද ?

ඔව්, මම මීට කාලෙකට කලින් සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනියක් ලෙස රැකියාව කළා. ඒ කාලෙ කලාව වෙනුවෙන්ම නොවුණත් වෙනත් ක්ෂේත‍්‍රවල ලිපි ලිව්වා.

♦ ඉංග‍්‍රීසි මාධ්‍යව්දිනය පහුගිය කාලේ මෝස්තර ශිල්පයට වගේම රගපෑමටත් ඇලුම් කළා?

කැලිෆෝනියාවේ පැට්රිෂියා ස්ටුර්ලා ළග තියෙන ප‍්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පය මෝස්තර නිරූපණය වගේම රංගනය ගැන හැදෑරීමක් කළා. ලංකාවට ආවේ වරින්වර. මම දේශපාලන විද්‍යාව උපාධිය කළා. ඊට පස්සේ කවර් පේජස්වලට ඡායාරූප කළා. රෑම්ප් මොඩ්ලින් කිහිප වතාවක්ම කළා. ඔය අතරෙ 2009 නිවාඩුවට ආවහම සද මැදියම ටෙලි නාට්‍යයේ රගපෑවා.

♦ මේ නළුවා මුණගැහෙන්නෙ කොයි කාලෙද ?

එයා ඒත් අපේ අම්මගෙ පැත්තෙ නෑයෙක්. අපි ගමේ යද්දි අපේ අම්මලයි, එක්ක මෙයා එහෙ ඉදලා තියෙනව. ඒත් මම එයාව ගොඩක් දන්නෙ නෑ. සුමිත‍්‍රා පීරිස් ආරාධනා කරපු චිත‍්‍රපටයක රූගත කිරීම් බලන්න තැනකට ගිය වෙලේ එයාව මට අහම්බෙන් හම්බවුණා.

♦ ජීවිතේ අහම්බෙන් හමුවෙන දේවල් හොදට හෝ නරකට ජීවිතය වෙනස් කරන්න පුළුවන් නේද ?

ඇත්තටම අපි ආශ‍්‍රය කළා. ඒ වෙනකොට මම වගේම එයත් කලින් සබදතා තිබිලා. මම කලින් විවාහයෙන් වෙන්වෙලා හිටියේ. එයත් එහෙමයි. ඉතින් අපි අතර ගොඩක් කතාබහ වුණේ දුරකතනයෙන්.

♦ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ජනපි‍්‍රය වෙන්න නළුවෙක් එක්ක යාළුවුණා කියලා ?

එහෙම අය ඇති. ඒත් මම එහෙම නෙවෙයි. මම මේ ක්ෂේත‍්‍රය ගැන ගොඩක් දන්නෙ නෑ. මට එහෙම කරගන්න ඕනෑ නම් ලංකාවේ ඉද්දිම සබදතා ගොඩනගාගන්න තිබුණ. මට ඕනෑ වුණේ හොද කෙනෙක්. මොකද ඒ වෙනකොට මාව යම් තරමට දැනගෙන හිටියා.

♦ එහෙම දැනුවත් කෙනෙක් වෙච්ච ඔයා ඔහුගේ අතීතයේ වෙච්ච දේවල් දැනගෙන හිටියෙ නැද්ද ?

මගේ ගම කුරුණෑගල. ඒත් අවුරුදු දාහතක්ම හිටියෙ ඇමෙරිකාවේ. ඉතින් ඔය නළුවගෙ අතීතය ගැන මම එච්චර හිතුවේ නෑ. මම හිතුවේ එයා වෙනස් වෙයි කියලා. මුල්ම විවාහයෙන් ඉවත් වුණාට පස්සේ එයා කීවේ කලින් බැදල හිටිය රංගන ශිල්පිනියගේ වැරැදි. අනික මම විශ්වාස කළේ එයා කියපු දේවල් විතරයි.

♦ දැන් ඒ විශ්වාසය ගැන මොකද හිතෙන්නෙ ?

දැන් මට හිතෙනව එයාව විශ්වාස කරපු එක අපරාධයක් කියලා. අනික් කාරණය ගොඩක් අය කිව්ව දේවල් මම විශ්වාස කළේ නෑ.

♦ ආදරේ කරද්දි අන්ධ වෙනවලුනේ. සුනාලිටත් එහෙම වෙන්න ඇති?

මම එයා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළා. ඇමෙරිකාවේ කිහිපවතාවක්ම එක්ක ගිහින් ලෝකෙ තියෙන හොදම සංගීත සන්දර්ශන බැලුවා. එයයි මමයි දෙන්නම රොක් මෙටිල් මියුසික් ගොඩක් ආසයි.

♦ දුරස්ව හිටිය හින්දා ලොකු වැටහීමක් නොතිබෙන්නත් ඇති ?

අපි දෙන්නා කතා කළේ ෆෝන් එකෙන් විතරයි. විටින් විට ලංකාවට ආවා. ඔය අතරේ එයාව බර්ත්ඩේ සප්රයිස් දීලා පුදුම කළා. හැබැයි එයා මට එහෙම කළේ නෑ. අනෙක් කාරණාව එයා ඔය ෆොටෝ ෂූට්වලට දාන බ‍්‍රෑන්ඩඩ් කලිසම් බෙල්ට්, ෂර්ට් ඔක්කොම අරන් දුන්නෙත් මමයි.

♦ සුනාලි ලක්ෂ ගාණක් දුන්නු බවටත්, ඒ නළුවා ඒවා නොගත්ත බවටත් පුන පුනා ඇහෙනවා ?

මම වරින් වර ලක්ෂ ගාණක් එයාට දීලා තියෙනවා. ඒව ඕනෑම තැනක ඔප්පු කරන්න බැංකු ස්ලිප් තියෙනව. දැන් දුන්නෙ නෑ කියන්නෙ කොහොමද, අනික මැලේසියාවේ ගිහින් මම අපි දෙන්නගෙ Pre වෙඩින් ෂූට් ඇල්බම් එකක් කළා. ඒකට ලොකු වියදමක් ගියා. එයා මාව බදින්න නොහිටිය නම් එහෙම වෙයදි. අනික මම ආපහු සල්ලි ඉල්ලද්දි මෙයා මට ත්රෙට් කළා.

♦ එයා බදිනකන්ම ඉදලා මෙහෙම ප‍්‍රශ්න දැම්මෙ ඇයි?

අපේ අම්මා කාලයක් අසනීපෙන් හිටියෙ. එකපාරක් එයාගේ හොරයක් අතට අහුවෙලා අහද්දි මට ගහලා අයි.සී.යූ. එකේ හිටියෙ. ඒ වෙලාවේ මට උදව්වට හිටියෙ රොෂාන්ගෙම යාළුවො දෙන්නයි. තව මට ගහපු පාරකට ඉස්සරහ දතක් මැරිලා. අම්මා මේ කිසිම දෙයක් දන්නෙ නෑ.

♦ එයාගෙන් වෙන්වෙන්න තරම් වැරැද්දක් තියෙනවද ?

මාත් එක්ක ඉන්න කාලෙදිම ගෑනු කිහිපදෙනක්ම ගෙදර ගෙන්වගෙන මෙයා ළග තියෙන කාන්තාරෙ කුසුම පොතේ කතාවෙන් අපි නාට්‍යයක් කරනවා කියලයි හැම ගෑනු කෙනෙක්ම ඇවිත් තියෙන්නේ. එකපාරක් මම එද්දි රඹුක්කන ගෑනියෙක් එයාගෙ බඩුත් අරගෙන ඇවිත් පදිංචිවෙලා. අම්මගෙ මළගෙදර ඉවර වෙලා ගොඩක් කල් කුරුණෑගල ඉන්නව කියල හිතල තව ගෑනියක් ගෙන්වගෙන. මෙයා නුගේගොඩ සිංහල කාන්තා ඉස්කෝලෙක ෆර්ෆෝමින් ආට් උගන්වන වේදිකා නිළිය එක්කත් සම්බන්ධ වෙලා ඉදලා තියෙනවා. එයා ක්ලබ් ගිහින් බොන කෙනෙක්. 2014 ඔහු මාවත් ඒ වළට යොමු කරන්න උත්සාහ කළා.

♦ දැන් එයා විවාහකයිනෙ ?

අපේ සම්බන්ධය නැවැත්තුවේ මම. ඒත් එයා මගේ සල්ලි ටික ආපහු දෙන්න ඕනෑ.

♦ සුනාලි කාලයක් ඇමෙරිකාවේ හිටියෙ. එහෙ මෙහෙම වැරදිවලට ඒ රටේ දඩුවම් කොයි වගේද?

ඒ රටේ පිරිමි ඔය වගේ වෙනත් සබදතා ඇති කරගන්නව නම් ඒ ගැන කියල කලින් සම්බන්ධවලින් අයින් වෙනවා. එයාලා ගොඩක් විවෘත මිනිස්සු. අනෙක වැරැදි කළොත් දඩුවම් සැරයි.

♦ දැන් සුනාලි ආපහු පෙම්වතියක් වෙලා. මේ වගේ තනිකමට ළගට එන ආදරය ඇත්ත ආදරයක් වෙයිද ?

එයා මගෙයි ඒ නළුවගෙයි කායවර්ධන උපදේශක. මම හිතන්නෙ අපි හොදට ගැලපෙනවා.

♦ ආපහු සුනාලිට වරදින්නෙ නැති වෙයි නේද ?

හැමදේම කර්මය අනුව වැරදි කරන අයට දඩුවම් ලැබෙයි.