වසර 25ක් සිරගෙට නියමවූ, බෞද්ධ ත්‍රස්තවාදියෙක් ලෙස බටහිර මාධ්‍ය හඳුන්වන මියන්මාරයේ අශින් වීරතු හිමි.

ක්යුකා, මැන්ඩලේ ප්‍රදේශයේදී 1968 ජුලි 10 උපතලබා වයස අවුරුදු 14 දී මහණ දිවියට ඇතුළුවූ අෂින් වීරතු හිමි මියන්මාරයේ (බුරුමයේ) ජාතික සටනේ නියමු භික්ෂූන් වහන්සේ නමකි. ඉස්ලාම් ව්‍යාප්තවාදය පිලිබදව මියන්මාරය පුරා ජනතාව දැනුවත්කිරීමේ දේශන පවත්වන අෂින් වීරතු හිමි එරට ජනප්‍රියතම භික්ෂුන් වහන්සේ ලෙස හැදින්විය හැකිය.

අශින් වීරතු හිමි සිරගෙය තුලදී

වසර 2001 දී 969 සංවිධානය ආරම්භ කරන ලද උන්වහන්සේ, ඊට වසර දෙකකට පසු එනම් 2003 වසරේදී ජාතිකත්වය පිළිබද පවත්වන ලද දේශන හේතුවෙන් අත්අඩංගුවට ගෙන වසර 25 ක සිරදඬුවමක් නියම කළේය. වසර 2011දී මියන්මාරයේ පාලනය එරට හමුදාව යටතට පත්විය. නව හමුදා පාලනය විසින් තවත් බොහෝ දේශපාලන සිරකරුවන් සමගින් අෂින් වීරතු හිමිද 2012 දී නිදහස් කරන ලදී.

969 සංවිධානය නැවත පණගැන්වූ අෂින් වීරතු හිමි ගෙවීගිය වසර 5 තුල ථෙරවාදී බෞද්ධ රටක් වෙන මියන්මාරයේ අනාගත පැවැත්ම උදෙසා ජයග්‍රහණ රැසක් අත්කර දීමට සමත්වී ඇත. එහිදී ලබාගත් කැපී පෙනෙනතම ජයග්‍රහණය ලෙස මියන්මාරයේ දරුවන් සැදීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් සම්මතකරවීම හැඳින්විය හැක. මීට වසර 10කට පෙර 98% බෞද්ධයන් පමණක් ජීවත්වූ මියන්මාරයේ 2017 වනවිට එය 88% දක්වා පහත වැටී ඇත. ඒ අනුව ස්වදේශී ජනවර්ගයේ උපත් ප්‍රමාණය අඩුවෙමින් පැවතීම සහ විශේෂයෙන්ම මුස්ලිම් ජනගහනය සීග්‍රයෙන් වැඩිවීම ස්වදේශී ජන වර්ගයට තර්ජනයක් බැවින් සම්මත කෙරුණු උපත් ප්‍රතිපත්තියට (child policy) අනුව එරට මුස්ලිම් දෙමව්පියන්ට දරුවන් දෙදෙනෙකුගෙන් සෑහීමකට පත්වීමට සිදුව ඇත.

The Times සඟරාවේ the face of buddhist terror ශීර්ෂය යටතේ අෂින් වීරතු හිමිගේ රූපයක්

Times සඟරාවේ කවරය

පලකෙරුනත් උන්වහන්සේ ඉතාමත් නිවුණු, තැන්පත් චරිතයක් ලෙස හදුනාගැනීමට මට හැකි විය. දිනකට තෙවතාවක් භාවනායෝගීව වැඩ වාසය කරන වීරතු හිමි, තවත් භික්ෂුන් වහන්සේලා 2800-3000ක් පිරිවරා මැන්ඩලේ නුවර පිරිවෙනක වැඩ වාසය කරති. පිරිවෙනේ ඉගනගන්නා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩිකාලයක් යොමු කරන උන්වහන්සේ රට පුරා දේශන පවත්වයි. උන්වහන්සේට අපූරු සුනඛ සුරතලෙක් සිටියි. අප කතා කරමින් සිටින අවස්ථාවේද දිවගෙන පැමිණි ඔහු, දෑත් වීරතු හිමිගේ දෙඅත් මත තැබුවේ කෙලින් සිටහනය. ඒ අවස්ථාවේ මාදෙස බැලූ උන්වහන්සේ “My Son” ලෙසින් තම සුරතලාව මාවෙත හඳුන්වා දෙන ලදි. බටහිර මාධ්‍ය ත්‍රස්තවාදී ලේබලයක් මෙවැනි අවිහිංසක භික්ෂුන් වහන්සේ නමක් මත කෙසේ ඇලෙව්වාදැයි මට එවෙලේ සිතුනි.

සුරතලා සමග

“ඉස්ලාමය නමැති පිළිකාව ලෝකයට හිසරදයක්” ලෙස වසර ගණනක් සිරගතව සිට, නිදහස් වූ සැනින් ප්‍රකාශ කිරීමට උන්වහන්සේ බිය නොවුනි. අතීතයේ බෞද්ධ රටවල් ලෙස පැවති, ආක්‍රමණයට ගොදුරුවූ අසල්වාසී රාජ්‍යයන්වන බංගලාදේශය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව විනාශ මුඛයේ පවතින ශ්‍රී ලංකාව පිලිබදව උන්වහන්සේ දැඩි ලෙස සංවේගයට පත්වෙමින් “මා උපන් භූමියට එසේ වීමට ඉඩ නොතබමි” .යන දැඩි අධිෂ්ඨානයෙන් සිටිති.

Eranda K Nawarathne