බ්‍රිතාන්‍ය තානාපති නිලධාරිනිය ලෙබනනයේ බිරූට්‌ නුවරදී ඝාතනය කරයි.

ලෙබනනයේ මෙටන් අධිවේගී මාර්ගය සමීපයේ මරාදමා සිටි කාන්තාව බ්‍රිතාන්‍ය තානාපති නිලධාරිනියක්‌වූ 30 හැවිරිදි රෙබෙකා ඩයික්‌ස්‌ යයි හඳුනාගෙන ඇත.

2010 වසරේ සිට ලෙබනනයේ බිරුට්‌ නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කළ ඇය ලිංගික හිංසනයකට ගොදුරුවී ඇති බවට සැක කෙරේ.
බිරුට්‌හි රාත්‍රි සමාජශාලාවකදී ඇයව පැහැරගෙන ගොස්‌ මරාදමා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි බිරුට්‌ පොලිසිය කියා සිටී.
ඇය මරාදමා ඇත්තේ හෙල සිරකිරීමෙනි. ඇගේ ගෙලවටා ලනුවක්‌ තිබූ බවද පොලිසිය හෙළිකර ඇත.
මෙම ඝාතනය දේශපාලන ක්‍රියාවක්‌ බවට වාර්තාවේ. ලෙබනනයේ බිරුටි නුවර එය ප්‍රදේශයක්‌ ක්‍රිස්‌තියානි කණ්‌ඩායමක්‌ද අනිත් ප්‍රදේශය හාමාස්‌ සංවිධානයද පාලනය කරයි.