හයේ 18යි, වාර්තා 3යි – BPL හෙල්ලූ ක්‍රිස් ගේල්ගේ සුපිරි ඉනිම මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ සමත් වුණා.

ඒ විස්සයි විස්ස තරඟයකදී වැඩිම 6 පහර සංඛාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙසින්.

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම හා රාන්පූර් රයිඩර්ස් කන්ඩායම අතර මේ වන විට පැවැත්වෙන අවසන් මහා තරඟයේදී ක්‍රිස් ගේල් මෙම දස්කම පෑමට සමත් වුණා.

එහිදී පන්දු 69කින් නොදැවී ලකුණු 146ක් රැස්කළ ක්‍රිස් ගේල්ගේ ඉනිමට හයේ පහර 18ක් සහ හතරේ පහර 5ක් අන්තර්ගත වුණා.

මෙම ශතකය ක්‍රිස් ගේල්ගේ 20වන විස්සයි 20 ශතකය වන අතර, එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙසද  ගේල් වාර්තා පොත් අතරට එක්වුණා.එමෙන්ම විස්සයි 20 පිටියේ ලකුණු 11 000 සීමාව පසුකළ ලොව පළමු ක්‍රීඩකයා වීමටද  ගේල් මෙහිදී සමත්වුණා

විස්සයි 20 තරගයක වැඩිම හයේ පහර සංඛාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙස මීට පෙර වාර්තාව තබා තිබුණේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් ලින්ය.

රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 206 ලබාගත් අතර, ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට නියිමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 149 පමණයි. එ් අනුව මෙවර බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරයන් බවට රාන්පූර් රයිඩර් කණ්ඩායම පත්වුණා.

ක්‍රිස් ගේල්ගේ ඉනිම පහතින් නරඹන්න