මේ ආණ්ඩුවට පැහැදිලි වැඩපිළිවෙළක් නෑ

වත්මන් ආණ්ඩුවට සංවර්ධනය සඳහා වන පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
ඔහු පවසන්නේ ජාත්‍යන්තරයෙන් ලැබුණු සහයෝගයෙන් පවා නිසි ප්‍රතිලාභ අත්කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි.
පොලොන්නරුව, හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
මේ අතර පොදු ජන පෙරමුණේ පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී  ඊයේ රාත්‍රියේ මෙම රැස්වීම පැවැත්වුණි.