නන්දිමිත්‍ර යෝධයාගේ මැණික් භාජනයක් ගන්න අඩි 35 ක් පොළව හාරලා

දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වන නන්දිමිත්‍ර යෝධයා විසින් සඟවා ඇති මැණික්ගල් සහිත නිධානයක් සොයන්නට පල්ලම,පොත්තුක්කුලම ප්‍රදේශයේ පිරිසක් කටයුතු කර තිබෙනවා කාන්තාවක් සහ තවත් පුද්ගලයින් හය දෙනකෙු විසින් පසුගිය 03 වෙනිදා රාත්‍රියේ යාතිකා පවත්වමින් කැණීම් කටයුතු සිදුකර තිබුනේ බොහෝ බලාපොරොත්තු දල්වාගෙන.

මෙම ප්‍රදේශයේ නන්දිමිත්‍ර යෝදයා කාලයක්ම ජීවත්ව සිටි බවත්, එම යෝධයා විසින් වලදමන ලද මැණික් භාජනයක් සහ රනින් කරන ලද බුදු පිළිමයක් මෙම ස්ථානයේ තිබෙන බවට ඔවුන් විශ්වාස කර තිබෙනවා.එසේම නන්දිමිත්‍ර යෝධයා  විසින් කරවන ලද බව කියන නවනංගු විහාරයද මෙලෙස නිධන් හෑරූ ස්ථානයට මදක් නුදුරින් පිහිටා තිබෙනවා.

මෙලෙස නිධන් හෑරූ ඉඩමේ හිමිකාරියට විටින් විට තමන්ගේ ඉඩමේ නිධානයක් ඇති බව හීනෙන් පවසා ඇති බව ඇය සඳහන් කරන අතර ඒ අනුව සියළු පුදපූජා පවත්වා දක්ෂ කට්ටඩියෙකු යොදාගෙන මෙම නිධානය ලබා ගන්නට උත්සාහ කර තිබෙනවා. මෙලෙස නිධානය ලබා ගැනීම සඳහා අඩි 35 ක් පමණ ගැඹුරට පොළව හාරා තිබුණද නිධානය ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ නිධානය ලබා ගැනීම සඳහා පැමිණි පිරිසෙන් කවුරුන් හෝ කිල්ලට හසුවීම නිසා එම නිධානය ලබා ගැනීමට නොහැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් පල්ලම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබුනා. එහිදී කල ප්‍රශ්න කිරීම් වලදීයි ඇය විසින් මෙම තොරතුරු පොලීසියට පවසා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *