සර්වබලධාරී අල්ලාහ්ගේ නාමයෙන් දූශණය වූ නදියා

ඔවුහු නදියාව දුෂණය කලහ, දෙදෙනෙක්, තිදෙනෙක් අණතුරුව හයක් හෝ හතක් සර්වබලධාරී අල්ලාහ්ගේ නාමයෙන් සමහරවිට ශුද්ධවූ කුරාණයේ අසම සම පාඨ මුමුනමින් ….

==========================================
නදියා මුරාඩ්, කෝඡෝ ගම්මානය, උතුරු ඉරාකය
==========================================
ඇය ඉතිහාසය උගන්වන ගුරුවරියක් වීමේ සිහිනයක වෙලීසිටියාය. 21 හැවිරිදි මනස්කාන්ත තරුණියක් වු ඇය ඒ 2014 අගෝස්තු 15 දින සිය සොයුරිය සමග ඇවිදිමින් සිටියේ ISIS වරු තම ගම්මානය වටලා ඇති බැව් නොදැනය. තවත් මොහොතකදී ඇය සිටියේ තුවක්කු හා මුකවාඩම් පැළදි මිනිසුන් විසින් වටකරනු ලැබූ පාසැල් ගොඩනැගිල්ලක් තුලය. එහි ඇගේ සොයුරියන්ද මවද සිටියාය. අණතුරුව ISIS වරු මහල්ලන්, තරුණයන් හා පොඩිත්තන් එක පැත්තකටද නිදියාගේ වයසේ තරුණියන් තව පැත්තකටද කරමින් මහල්ලන් තරුණයන් හා පොඩි දරුවන් පහත මාලයට ගෙනවිත් වෙඩි තබා මරා දැම්මෝය. 312 ක් එකී මරණයට හිමිකම් කීවෝය.

ඉන් පසුව තරුනියන් සිය ගණනක් ට්‍රක්රථවලට පටවා ගත් ISIS වරු ඔවුනගේ ඉස්ලාම් රාඡ්‍යයේ අගනුවර ලෙස හැදින්වෙන මෝසුල් වෙත ඔවුහු ගෙන ගියහ. එහිදී තරුණියන් එකා බැගින් ලිංගික වහලියන් ලෙස මෝසුල් නගරයේ ධනවතුන්ට විකුණා දැමිය. නදියා මිලදී ගෙන තිබුනේ ඇයව නැවත නැවත මිනිසුන්ට විකුණන මිනිසෙකි. ප්‍රථම රාත්‍රියේ ඇයව දුෂණය කල ඔහු ඉන්පසුව එක් රාත්‍රියක එකෙකුට දෙන්නෙකුට සමහරවිට හය හත්දෙනෙකුට නදීයා වික්කේය. ඇය සමහරවිට පාන්දර සිටින්නේ සිහිසුන්වය.

කෙසේ හෝ එක් පාන්දර යාමයක ඔහුට නදියා සිටි කාමරයට අගුල ලෑමට අමතක විය. අවස්ථාවෙන් උත්සාහයක් ගෙන බැලු නදියා කලුවරේම කිලෝ මීටර් 15 ක් හෝ 20 ක් දුවා තිබිණි. එක් හුදෙකලා නිවෙසකට ගොඩ වැදුණු ඇය තම විස්තරය කී පසුව ඔවුන් ඒ මොහොතේම නගරයෙන් පළායන සරණාගත කණ්ඩායමකට ඇය බාර දුන්නෝය. සරණාගත කදවුරේදී ඇයට වැඩිදුර ප්‍රතිකාර කිරීමට ඡර්මණියට යවනු ලැබිණි.

ඡර්මනියේදී ඇය හියුමන් වොච් රයිට් සංවිධානයේ නිතිඥවරියක වන අමල් ක්ලූනී හමුවිය. අමල් ඇයට කීවේ ‘‘නදියා ආගමේ නාමයෙන් අහිංසක මිනිසුන්ට වෙඩි තබණ අම්මලාව පුලුස්සා මරණ ගැහෑනුන් දූෂණය කරන හා ලිංගික වහලුන් ලෙස විකුණන මේ තිරිසන් මිනසුන්ව ඡාත්‍යණ්තර අධිකරණයක් වෙත ගෙන ආ යුතුයි. එයට ගෙවිය යුතු මිල කීයක් වුනත් කමක් නෑ නදියා.“ නදියා දැන් ඇගේ ගම්මානයේ මිනිසුන්ට ඇගේ මවට හා සොයුරියන්ට අත්වු මරණය ගැන කියමින් The Last Girl: My Story of Captivity, and My Fight Against the Islamic State‘ යනුවෙන් පොතක් ලියා ඇත.

2017 ඇය නැවත සිය ගම්මානය වු කෝඡෝ වෙත පැමිණියාය. ඒ එක්සත් ඡාතින්ගේ සංවිධානයේ නිත්‍ය සාම නියෝඡිතයා ලෙසය. ඇය ස්වකීය ඡිවිතය අපායක් කල තවත් දස දහසක් තරුණියන්ගේ ආත්මයන් විනාශකල මේ කෘෘර ISIS සාමාඡිකයන් සොයා සිය මෙහෙයුම අරඹනු ඇත. ඉදින් ඔවුන් ඡිවතුන් අතර නම් ඇය ඔවුන්ව ඡාත්‍යන්තර අධිකරනය වෙත ගෙනයාමට අතිමහත් වෑයමක් දරනු ඇති බවට මට විශ්වාසය ..
================================================
http://nytlive.nytimes.com/…/isis-survivor-nadia-murad-tur…/
https://onmogul.com/…/amal-clooney-and-nadia-murad-take-isis

Leave a Reply

Your email address will not be published. Required fields are marked *