රෝහින්ග්‍යා සරණාගතයින් නිසා බංගලිදේශය දරුණු අවදානමක- පුපුරා යාමට ආසන්න කාල බෝම්බයකට සම කරයි

බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි සරනාගතයින් ලෙස සිටින රෝහින්ග්‍යාවරු මෙන්ම ඔවුන්ට සත්කාර කරන ප්‍රදේශවාසීන් යන දෙපිරිසම දරුණු අවදානමක සිටින බව වාර්තාවේ.

එක්සත් ජාතින් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව දක්වා ඇත.

බුරුම රජය සහ කැරලිකරුවන් අතර හටගත් ගැටුම් වලින් අනතුරුව දියත් කෙරුනු හමුදාමය ක්‍රියාමාර්ග නිසා පසුගිය අගෝස්තුමාසයේ  සිට හය ලක්ෂ විසි තුන් දහසක පිරිසක් බංග්ලාදේශයට ඇතුල් වී ඇතැයි වාර්තාවේ.

අලුතින් පැමිණි පිරිසෙන් 58% ළමුන් සහ 60% ක් කාන්තාවන් වේ.

මේ අනුව අගෝස්තු 25 සිට බංග්ලාදේශය වෙත පැමිණි ළමුන් තුන් ලක්ෂ  හැට එක් දහස් තුන්සිය හතළිහ ඇතුළුව මානුෂිය ආධාර අවශ්‍ය කෙරන සමස්ත ළමුන් ප්‍රමාණය හත් ලක්ෂ විසි දහසක් බව UNICEF වාර්තාවේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ ළමා කාර්යාංශය විසින් 2017-18 වර්ෂය සඳහා නිකුත් කළ මානුෂිය ප්‍රතිචාර සැලැස්ම(HRP) අනුව මියන්මාර සරණාගතයන් බහුතරයක් බරපතල කම්පන තත්වයන්ට මුහුණ දී, දුෂ්කර වාතාවරණයක් යටතේ ජිවත් වෙති.

රෝහින්ග්‍යාවරු මෙන්ම ඔවුන්ට සත්කාර කරන ප්‍රදේශවාසීන් යන දෙපිරිසටම අයත් දොළොස් ලක්ෂයක් පමණ  ජිවිත බේරා ගැනීම උදෙසා ජල, සෞඛ්‍ය, පෝෂණ සහ ආහාර සුරක්ෂිතතාවය සහ නවාතැන් පහසුකම් ආදියෙහි පැන නැඟී ඇති හදිසි අවශ්‍යතාව මානුෂිය ප්‍රතිචාර සැලැස්ම මඟින් හඳුනාගෙන ඇත.

බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි රැඳී සිටින අට ලක්ෂය ඉක්මවූ මියන්මාර සරණාගතයන්ට මුහුණ දීමට සිදුව ඇති රෝග අවදානම ඕනෑම මොහොතක පුපුරා යාමට ඉඩ ඇති, “කාල බෝම්බයකට” සමාන බව නෝර්වේජියානු සරණාගත මණ්ඩලය මීට  පෙර අනතුරු අඟවා තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *