පැය 48 න් ටිකට් ඉවරයි වීදිපුරා සිංහල බැනර් සහ ජය ගෝෂා.

ලාහෝර් තරගයට 30000 පැමින සිටි අතෆ පැය 48 කින් සියළු ප්‍රවේශපත්‍ර අවසන් වී තිබුනා. වීදිපුරා සිංහල බැනර් ලංකා කණ්ඩායම යන මග ජය ගෝෂා කරමින් පකිස්තානුවන් ලංකාවට අසීමිතව ආදරය කරන්න පටන්ගෙන ඇත.

අවසාන වශයෙන් ඔවුන්ගේ රටේ විශාල තරගාවලියක් පවත්වා ඇත්තේ 2008 ආසියානු කුසලානයයි. එයටද අවසන් තරගයට තේරී පත්වුනේ ලංකාව හා පකිස්ථානයයි. එවිට හමුදා පාලනයකින් බලයට ආ ජෙනරාල් පර්විස් මුශාරෆ් ජනාධිපති වී සිටි නිසා ආරක්ෂාව උපරිම තිබූ බවයි වාර්ථා වන්නේ. එහෙත් 2009 ඔහු විසින්ම බලය අතහැරීමෙන් පසු රට ත්‍රස්ථවාදීන්ගේ තෝතැන්නක් බවට නැවත පත්වූවා.

ඒ පසුබිම මතයි 2009 මාර්තු මාසයේ ලංකා කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වන්නේ. ඔවුන් එයින් පාඩමක් උගත් නිසා මේ වන විට කණ්ඩායමකට රාජ්‍ය නායකයකුට එහා ආරක්ෂාව දීමට කටයුතු කර තිබෙනවා. ලංකා කණ්ඩායමේ හෝටල් දොර ලගටම වෙඩි නොවදින රථ, ක්‍රීඩකයන්ගේ අඩියක් අඩියක් ගානේ කොමාන්ඩෝ ආරක්ෂාව, හෝටල අවට 8000 ක විශේෂ බලකා ආරක්ෂාව ලබා දී තිබෙනවා. තේරිම් කමිටු නිලධාරි සජිත් ප්‍රනන්දු උදේ ආහාරයට යන විට සන්නද්ධ සෙබලුන් තිදෙනෙක් ඔහු වටා ආරක්ෂාව සැපයූ බව සදහන්.

අරාබියේදි තරග පැවැත්වුවත් ඒවා නැරබීමට එන ප්‍රමානය ඉතා අඩුයි. නමුත් පකිස්ථානය ඇතුලත දැඩි ප්‍රේක්ශකයන් පිරිසක් සිටීම ඔවුන්ගේ ක්‍රිකට් වලට බලපා තිබෙනවා. ලාහෝරයට වඩා කරච්චිය ක්‍රිකට් සදහා ප්‍රසිද්ධ නගරයක්. ලංකාවේ ගමනත් සමග ඔවුන් අනෙක් ජාත්‍යන්තර කණ්ඩායම් වලට ලංකාව ආදර්ශයට ගෙන ආරාධනා කිරීමට සූදානම් වනවා.

එසේම තිලංග සුමතිපාල පවසා ඇත්තේ ඊලග වසරෙස් ශ්‍රී ලංකා ඒ 19 පහල කණ්ඩායමුත් එහි යවන බවයි. පකිස්ථාන සුපිරි ක්‍රීඩකයන් වන සාහිද් අෆ්‍රීඩි, අක්තාර් ලංකාවට අනේක වාරයක් ස්තූති කර තිබෙනවා. එසේම පකිස්ථාන ක්‍රීඩා ලෝලින් ඔවුන්ගේ රට හැර තවත් කණ්ඩායමකට ජයගෝෂා කරනවානම් ඒ ලංකාවම විතරක් බවට ඉදිරියේදි පත්වීම සහතිකයි.