විමල් වීරවංශ රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු ඇමති විමල් වීරවංශ මහතා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද(10) නියෝග කළේය.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි.

ඒ අනුව ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි විමල් වීරවංශ මහතා ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *