පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් හානියක්‌

පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් හානියක්‌ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඉක්‌මනින් ඡන්දය පවත්වා ජනතාවගේ සර්වජන ඡන්ද බලය ආරක්‌ෂා කිරීමට පියවර ගත යුතු බව ඊයේ (09 දා) මැතිවරණ කොමිසමේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් දේශප්‍රිය මහතා මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ බලය විෂය භාර ඇමැතිවරයාට නීතියෙන්ම පවරා ඇතැයිද එම නීති සංශෝධනය වී පාර්ලිමේන්තුවේ අනුමත වීමෙන් පසුව ඕනෑම වේලාවක මැතිවරණය පැවැත්වීමට කොමිසම සූදානම් යෑයිද කීය.