චීනයට විකුණූ වොක්ස්වැගන් 50,000 ක් යළි කැඳවයි

ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ජර්මනියේ වොක්ස්වැගන් සමාගම විසින් චීනයට අලෙවි කළ 50,000 කට ආසන්න මොටර් රථ ප්‍රමාණයක් යළි කැඳවීමට පියවර ගෙන තිබේ. www.indiancarsbikes.in වෙබ් අඩවිය සඳහන් කරන පරිදි වොක්ස්වැගන් Beetle හා Golf මාදිලිවලට අයත් මෝටර් රථ මෙලෙස යළි කැඳවනු ඇත.

මේවායේ හඳුනාගෙන ඇති තිරිංග දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට වොක්ස්වැගන් සමාගම තීරණය කළ බව Indian cars bikes පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටී.

2012 ජූලි 01 වැනිදා සහ 2015 අගෝස්තු 06 කාලය තුළ නිෂ්පාදනය කරන ලැබූ වොක්ස්වැගන් බීට්ල් රථ හා 2012 ජූලි 01 හා 2013 ජූලි 06 කාලය තුළ නිෂ්පාදනය කරන ලද වොක්ස්වැගන් ගොල්ෆ් රථ මේ අනුව යළි කැඳවීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සිය ගැණුම්කරුවන් වෙත වොක්ස්වැගන් සමාගම දන්වා සිටින්නේ අදාළ කාලපරිච්ඡේදය තුළ නිෂ්පාදිත වොක්ස්වැගන් බීට්ල් හෝ ගොල්ෆ් රථයක හිමිකරුවෙකු නම්, වහාම ළඟම ඇති සිය නියෝජිතායතනය වෙත ගොස් අදාළ දෝෂය හඳුනාගන්නා ලෙසයි. මෙහිදී දෝෂ නිරාකරණය නොමිලයේම සිදුකර දෙනු ලබන බවද වොක්ස්වැගන් සමාගම මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *