මොහොමඩ් සියාම් ඝාතනයට පෝරකයට නියමවූ SI සිරකුටියේ සිට පාඩම් කර උපාධිය ගනියි

කෝටිපති ව්‍යාපාරික මොහාමඩ් සියාම් ඝාතනයට අදාළව මරණ දඬුවම නියමව ඇති හිටපු උප පොලිස් පරික්ෂක බී.ඒ. ලක්මිණී ඉන්දික බමුණුසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති බාහිර උපාධිය සමත්ව තිබෙයි.

ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ එවැනි ආකාරයක සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් වාර්තාවෙයි.

වැළිකඩ බන්ධනාගාරයේ ඔහු සිය දඬුවම ගත කරමින් සිටියි.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස් උප පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ශාස්ත්‍රපති බාහිර උපාධිය හදාරා තිබේ.

මොහුට මරණීය දණ්ඩනය නියම කෙරුණ නඩුවට අදාළව බන්ධනාගාරගතවන විටත් පළමු වර්ෂයට අදාළ විභාග සම්පූර්ණ කර සිට ඇත.

බන්ධනාගාරගත වීමෙන් අනතුරුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරය ඇතිව මොහුට දෙවන වසරේ හා තුන්වන වසරේ දේශනවලට සහභාගි වීමේ අවස්ථාව සලසා ඇති අතර සිරකුටිය තුළදී තනිවම අධ්‍යයන කටයුතුවල නිරතව උපාධිය සමත්වී ඇත.

එසේම අද (05දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ පැවැත්වේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වීමට ඔහුට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරය ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *