මෙරට විශාලතම ටයර් කර්මාන්ත ශාලාව හොරණදී අද ඇරඹේ

ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම හා අති නවීන ටයර් කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් හොරණ, වගවත්ත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කර්මාන්ත කලාපයේ දී අද ආරම්භ වනවා.

ප්‍රධාන අරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතයි.  මෙය ලෝකයේ අංක එකේ ප්‍රමිතීන්ට අනුගතව ටයර් නිෂ්පාදනයට කරන කර්මාන්ත ශාලාවක්.  මීට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 1,125ක්.

 

සෘජු රැකියා දහසක් හා චක්‍ර රැකියා දෙදහසක් මෙමගින් උත්පාදනය වන බවයි, එහි පාලනාධිකාරිය පවසන්නේ.

කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ලෙස ඉදිවීම විශේෂත්වයක්.  වගවත්ත කර්මාන්ත කලාපයේ අක්කර සියයක භූමිය පුරා කර්මාන්ත ශාලාව ඉදිකෙරෙනවා.

වසර එකහමාරක කාලයත් තුළ එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

මීට අමතරව නවීන පහසුකම් හා උපකරණවලින් සමන්විත රබර් පර්යේෂණාගාරයක් ද ඉදිකෙරෙනවා.

එහි නිෂ්පාදනවලින් සියයට 7ක් විදේශ වෙළෙදපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කෙරෙන අතර ඉතිරි සියයට 25 දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *