2016 ලොවට බලපෑම් කළ විශේෂ සිදුවීම්

ජනවාරි 2016

ඉන්දියාවේ මනිපුර් ප්‍රාන්තයේ භූමිකම්පාවකින් පස්දෙනකු මියයයි.
චීනයේදී හොංකොං ‍පොත් ප්‍රකාශකයන් පස්දෙනෙක් අතුරුදන් වීමට විරුද්ධව හොංකොංහි ජනතාව දහස් ගණනින් වීදි බැස උද්ඝෝෂණය කරති.
තුර්කියේ සිදු කළ අයි.එස්. ප්‍රහාරයකින් දසදෙනෙක් මියයයි.
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සිදු වූ පිපිරීම් මාලාවකින් දෙදෙනකු මියයයි.
තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර ප්‍රහාරයකින් පස්දෙනකු මියයයි.
බර්කිනා පාසෝ රාජ්‍යයේ ප්‍රහාරයකින් 28 දෙනකු මියයයි.
තායිවානයේ සායි ඉන්ග් වෙන් එරට ජනපති පදවියට පත්වෙයි. ඒ කාන්තාවක් එරට ජනපති පදවියට පත්වූ පළමු අවස්ථාවයි.
පාකිස්තානයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් දසදෙනකු මියයයි.
ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන් ගමන් කළ බස් රියකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් හත්දෙනෙක් මියයයි.
ප්‍රබළ හිම කුණාටුවකින් ඇමෙරිකාව පීඩා විඳියි.
ඇලස්කාවේ ප්‍රබල භූමිකම්පාවක් ඇතිවෙයි.
ජපානයේ ඔකිනාවා දූපතට පළමුවරට හිම වැටෙයි
සීකා වෛරසය ලතින් ඇමෙරිකානු රටවල ශීඝ්‍රයෙන් පැතිරෙයි.
සෞදි අරාබිය ඉරානය සමග සබඳතා අතහරියි.

පෙබරවාරි 2016

ඊශ්‍රායල හමුදාව පලස්තීන ජාතිකයන් පස්දෙනෙක් මරාදමයි.
සිරියාවේ රෝහලකට එල්ල වූ ප්‍රහාරයකින් පනස්දෙනකු මියයයි.
බුතේ‍රා්ස් බුතේ‍රා්ස් ගාලි මියයයි. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හයවැනි මහ ‍ලේකම්වරයාය.
තුර්කියේ අන්කාරා නුවර සිදුවූ පිපිරීමකින් විසිඅට දෙනෙක් මියයයි.
උගන්ඩාවේ ජනපතිවරණයෙන් පස්වැනි වරටත් මුසෙවිනි ජය ලබයි
ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙඩි තැබිම්වලින් හයදෙනකු මියයයි.
සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් එකසිය හතළිස්දෙනෙක් මියයයි.
මගීන් විසිඑක්දෙනෙක් රැගත් නේපාල ගුවන් යානයක් අතුරුදන්වෙයි. එය අනතුරකට ලක්වූ බව හෙළිවෙයි.

මාර්තු 2016

නව දිල්ලියේ ජල හිඟය මිලියන පහකට බලපායි.
ඩුබායි සිට නවසීලන්තය දක්වා එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් නොනවත්වා කළ දිගම ගුවන් ගමනෙහි වාර්තාව පිහිටුවයි.
ස්ලෝවෙකියාවේ පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ජයගනියි.
ඊ මේලයේ නිර්මාතෘ රේ ටොම්ලින්සන් මියයයි.
රුසියාවේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල වෙයි.
ලිබියාවේ සමගි රජය එරට පාලන බලය සම්පූර්ණයෙන්ම අල්ලාගනියි.
මියන්මාරය වසර පනහකට පසු සිවිල් පුද්ගලයකු ජනපති කරයි
ඉක්වදෝරයේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් විසිදෙකක් මියයයි
රුසියාවේ ගුවන් අනතුරකින් හැටඑක් දෙනෙක් මියයයි.
ඇමෙරිකානු ජනපති බරක් ඔබාමා බිරිය හා දරුවන් සමග කියුබාවේ ඵෙතිහාසික සංචාරයක නිරතවෙයි.
පැහැරගත් ඊජිප්තු ගුවන් යානයක් බේරාගනියි.
බෙල්ජියමේ සිදුවූ පිපිරීම්වලින් තිස්හතරදෙනකු මියයයි.

අප්‍රේල් 2016

අසර්බයිජානය හා ආමේනියාව අතර දරුණු සටන් ඇවිළෙයි.
පැනමාවේ මොසැක් ෆොන්සේකා සමාගමේ තැන්පත් කර ඇති ලොව පුරා බලවතුන් හා ධනවතුන්ගේ කළු සල්ලි පිළිබඳ තොරතුරු හෙළිවෙයි.
කාෂ්මීරයේ නව මහ ඇමැතිනිය වැඩ භාරගනියි.
පාකිස්තානයේ ගංවතුරින් පනස්තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි.
අයිස්ලන්තයේ අගමැතිවරයා දූෂණ චෝදනා මත ඉල්ලා අස්වෙයි.

මැයි 2016

අන්තර්ජාලය හරහා ඉස්ලාම් විරෝධී අදහස් පළ කළ බංග්ලාදේශයේ නීති සිසුවෙකුව ඩකා නුවරදී ඝාතනය කරයි.
වියට්නාමය නව අගමැතිවරයෙක් පත්කරයි.
කේරලයේ පුටින්ගල් කෝවි‍ලේ ඇතිවූ ගින්නකින් සියයකට වැඩි පිරිසක් මියයයි.
අබු සයාෆ් ගරිල්ලන් සමග ඇතිවූ ගැටුම්වලදී පිලිපීනයේ හමුදා සෙබළු දහඅටදෙනෙක් මියයයි.
ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් ජෝන් කෙරී ජපානයේ හිරෝෂිමා නගරයේ සංචාරයක නිරතවෙයි. ඔහු හිරෝෂිමාවට පැමිණි ඉහළම මට්ටමේ ඇමෙරිකානු රාජ්‍ය නිලධාරියාය.
ඉක්වදෝරයේ භූමිකම්පාවකින් හැත්තෑදෙනෙක් මියයයි.
ඉන්දියාවේ නියඟයෙන් මිලියන තුන්සිය තිහක් පීඩා විඳියි.
මෙක්සිකෝවේ ඉන්ධන කම්හලක ඇතිවූ පිපිරීමකින් තිදෙනකු මියයයි.
දම්පාට වැස්ස ගීයෙන් ජනප්‍රිය වූ ඇමෙරිකානු ගායක ප්‍රින්ස් මියයයි.
සර්බියාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාලක පක්ෂය ජය ලබයි.

ජුනි 2016

සෝමාලියාවේ දේවස්ථානයක් කඩා වැටීමෙන් පහළොස් දෙනකු මියයයි.
තුර්කියේ ‍පොලිස් ස්ථානයක සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මියයයි.
ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රදේශයේ ලැව්ගිනිවලින් හයදෙනකු මියයයි.
වසර පනහක සම්බාධක අවසන් කරමින් ඇමෙරිකාවේ මගී යාත්‍රාවක් කියුබාව බලා යයි.
කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ ලැව්ගිනි පැතිරෙයි.
චීනයේ නායයෑමකින් තිස්පහක් වැළලෙයි
පිලිපීනයේ ජනපතිවරණයෙන් හිටපු පුරපතිවරයෙකු වන රොඩ්රිගෝ දුටටේ ජය ලබයි.
ලොව වයස්ගතම බළලා මියයයි.
තමිල්නාඩු මැතිවරණයෙන් මහ ඇමැතිනි ජෙයලලිතා ජෙයරාම් ජය ගනියි.
ඊජිප්තුව බලා යමින් තිබූ ගුවන්යානයක් මගීන් හැටහයදෙනකු සමග මුහුදට වැටෙයි.
රෝනු සුළිසුළඟින් බංග්ලාදේශයේ විසිහතරක් මියයයි.
අටවන වරටත් නැග වැඩිම වාරයක් එවරස්ට් නැගි කාන්තාව ලෙස ලක්පා ෂර්පා වාර්තා තබයි.
ඇමෙරිකානු ඉතිහාසයේ එකම ස්ථානයක වැඩිම පිරිසක් ඝාතනයට ලක්වූ පළමු අවස්ථාව සටහන් කරමින් ඕර්ලන්ඩෝහි සමාජ ශාලාවක වෙඩි තැබිමකින් පනස්දෙනකු මිය යයි.

ජූලි 2016

සුපිරි බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලි මියයයි.
සයිප්‍රසයේ දරුණු ලෙස ලැව් ගිනි පැතිරෙයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටීම සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණයෙන් රජය පරාජයට පත්වීම නිසා අගමැතිවරයා ඉල්ලා අස්වෙයි.
අයිස්ලන්තයේ ජනපතිවරණයෙන් ගුඩ්නි ජොහැන්සන් ජය ලබයි.
ඇමෙරිකාවේ වසර සියයකට පසු ඇති වූ දරුණුතම ගංවතුරින් විසිහතරක් මියයයි.
ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී ජගත් පාපන්දු පිටියෙන් සමුගනියි.
තුර්කියේ ගුවන් තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් තිස්හයදෙනකු මියයයි.
මැ‍ලේසියාවේ අවන්හලකට අයි.එස්.ප්‍රහාරයක් එල්ල වෙයි.
කළු ජාතික ස්නයිපර් වෙඩික්කරුවන් ඇමෙරිකාවේ ඩැලස් හිදී ‍පොලිස් නිලධාරීන් පස්දෙනකු මරාදමයි.
ඕස්ට්‍රේලියානු මැතිවරණයෙන් කොන්සවේටිව් පකෂයට ජය ලැබෙයි.
නෙපාර්ටක් සුළි සුළඟ තායිවානයට හමයි.
ලක්ෂ හතරකට උන්හිටි තැන් අහිමි වෙයි.
බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙස තෙරේසා මේ වැඩ අරඹයි
ප්‍රංශයේ නීස් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් අසූතුන්දෙනකු මියයයි.
ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය නිල වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙයි.
ඩිමොක්‍රටික් සමුළුවේදී හිලරි ක්ලින්ටන්ට නිල වශයෙන් ජනපති අපේක්ෂකත්වය හිමිවෙයි.
බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේදී ඔලිම්පික් උළෙල ඇරඹෙයි.
අර්ල් සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ තිස්අටක් මියයයි.
මුස්ලිම් පූජකවරයෙක් නිව්යෝක් නගරයේදී ඝාතනය කරයි .
පුරාවස්තුන්වලට හානි සිදු කිරීම යුද අපරාධයක් ලෙස සලකන පළමු නඩුව අසයි
කොලොම්බියාවේ ෆාක් කැරලිකරුවන් හා රජය අතර සාම ගිවිසුමක් ඇතිවෙයි.

සැප්තැම්බර් 2016

සරණාගතයන් හයදහස් පන්සියයක් ලිබියාව අසල මුහුදේදී ගලවා ගනියි.
බ්‍රසීල අගමැතිනිය ධුරයෙන් පහකරයි.
තෙරේසා මව්තුමිය ශාන්තුවරියක් ලෙස ප්‍රකාශයට පත්කරයි.
සීෂෙල්ස් රාජ්‍යයේ විපක්ෂය මහ මැතිවරණයෙන් ජය ලබයි.
රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ව්ලැදිමිර් පුටින්ගේ පක්ෂයට විශිෂ්ට ජයක් ලැබෙයි.
ඉස්ලාම් ආගමට අපහාස කළැයි ජෝර්දානයේ ‍ලේඛකයෙක් මරාදමයි.
ඊශ්‍රායලයේ හිටපු ජනපති ෂිමොන් පෙරෙස් මියයයි.
පාකිස්තානයේ සාක් වර්ජනය ඉන්දියාව වර්ජනය කරයි.

ඔක්තෝබර් 2016

කොලොම්බියානු ජනතාව ෆාක් හා රජය අතර සාම ගිවිසුම ප්‍රතික්‍ෂේප කරයි.
බන් කී මූන්ගේ ධුර කාලය අවසන්වීමත් සමග එක්සත් ජාතීන්ගේ මුල් පුටුව පෘතුගාලයේ හිටපු අගමැතිට හිමිවෙයි.
ලොව බිහිවූ සුපිරිතම සිනමාවේදියෙකුවූ ‍පෝලන්තයේ අන්ද්‍රේ වජ්ඩා මියයයි.
සාමය සඳහා වූ නොබෙල් සම්මානය කොලොම්බියානු ජනපතිට හිමිවෙයි.
පාකිස්තානයේ ‍පොලිස් විදුහලට එල්ල කළ ප්‍රහාරයෙන් පනස් අටක් මියයයි.
ඉතාලියේ ප්‍රබල භූකම්පන දෙකක් ඇති වෙයි.

නොවැම්බර් 2016

දූෂණ චෝදනා මත ආජන්ටිනාවේ හිටපු ජනපතිනිය ක්‍රිස්ටිනා කර්ච්නර්ට නඩු පවරයි.
නවසීලන්ත අගමැති ඉල්ලා අස්වෙයි.
ඇමෙරිකාවේ ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශිෂ්ට ජයක් ලැබේ.
නවසීලන්තයේ භූමිකම්පා දෙකකින් දෙදෙනකු මියයයි.
ඉගෝර් ඩොඩොන් මෝල්ඩෝවා ජනපතිවරණයෙන් ජය ලබයි.
ඉන්දියාවේ දුම්රිය අනතුරකින් අනූඑක්දෙනකු මියයයි.
චීනයේ විදුලි බලාගාරයක අනතුරකින් හතළිහක් මියයයි.
කියුබාවේ හිටපු නායක ෆිඩෙල් කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වෙයි.
ඉන්දියාවේ වත්මන් රජය පැනවූ මුදල් නෝට්ටු අලුත් කිරීමට එරෙහිව විපක්ෂය වීදි බසියි.
බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් ඇතුළු අසූඑක්දෙනෙක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි.
ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි
ඔස්ට්‍රියාවේ ජනපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් වැන්ඩබෙලෙන් ජය ලබයි.
තමිල්නාඩුවේ මහ ඇමැතිනි ජෙයලලිතා ජෙයරාම් මියයයි.
ඉන්දුනීසියාවේ සිදු වූ භූමිකම්පාවකින් අනූහත්දෙනෙක් මියයයි.
ඉස්තාන්බුල් පාපන්දු ක්‍රීඩාංගණයක පිපිරීම් දෙකකින් විසිනමයක් මියයයි.
නයිජීරියාවේ දේවස්ථානයක වහල කඩාවැටී හැටක් මියයයි.
දකුණු ඉන්දියාවට ආ වර්ධා සුළි කුණාටුව දසදෙනකුට මරු කැඳවයි.
ඉන්දුනීසියාවේ ගුවන් යානා අනතුරකින් දහතුනක් මියයයි.
ජර්මනියේ බර්ලින් නුවර නත්තල් වෙළෙඳ‍පොළකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දොළොස් දෙනකු මියයයි.
තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි.
පුවටෝරිකෝවේ ස්ටෙෆ්නි ඩෙල් වැ‍ලේ 2016 ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳියි.
මෙක්සිකෝවේ ගිනිකෙළි වෙළෙඳ‍පොළක පිපිරීමකින් විසිනමයක් මියයයි.
අනූඑක්දෙනෙක් සමග රුසියාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි.
බර්ලින් නුවර ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරු ඉතාලියේදී මරා දමයි.
සුපිරි ගායක ජෝර්ජ් මයිකල් මියයයි.
සුපිරි හොලිවුඩ් නිළියන් වන සා සා ගේබර්, කැරී ෆිෂර් හා ඇගේ මව වූ ඩෙබි රෙනෝල්ඩ්ස් මියයයි.

සකස් කළේ – නිශානි දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *