මෙරට සමාගමකින් උසස් ප්‍රමිතියෙන් යුතු එල්.ඊ.ඩී බල්බයක්

එස් එල් එස් ප්‍රමිති සහතිකය දිනු ලංකාවේ ප්‍රථම හා එකම එල් ඊ ඩී බල්බය ග්‍රීන් ඉලෙක්ට්‍රිකල්ස් සමාගම පසුගියදා නිකුත් කළේය.

මෙම බල්බය මගින් අඩු විදුලියකින් ඉතා වැඩි ආලෝකයක් නිකුත් කිරීම පෙර බල්බයට වඩා ආයු කාලය දෙතුන් ගුණයකින් වැඩි වීම පාවිච්චිය පහසු වීම අල්ට්‍රා වයලට් කිරණ වලින් තිබූ හානිය ගැන බිය නැති වීම මර්කරි හෙවත් මිනිස් ශරීරියට අතිශය අහිතකර රසදිය නොමැති වීම,ප්‍රතිචක්‍රීකරණයට ඇති හැකියාව වඩාත් ඉහළ තත්ත්වයක පවතින අතර මේ හේතුවෙන් එල් ඊ ඩී බල්බය ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව සහතිකය දිනා ගත් බල්බයක් ලෙස හඳුන්වාදෙනු ලැබීය.

දිගු පරීක්ෂණ මාලාවකට මේ නිෂ්පාදනය බදුන් කර ඇති බවත් එම ක්‍රියාදාමය අවසානයේ එස් එල් එස් ප්‍රමිති සහතිකය මේ නිෂ්පාදනය දිනා ගත් බවත් නව එල් ඊ ඩී බල්බය හඳුන්වාදෙන අවස්ථාවට එක් වෙමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි ගාමිණී ධර්මවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ගෘහස්ත විදුලි බිල අවම කරවීමට හොඳ විසදුමක් වන මෙම බල්බය ශ්‍රී ලංකාවේ බල පරිභෝජනයෙන් සියට 98ක් භාවිතා කරන බවට සිදු කළ සමීක්ෂණ අනාවරණය කර ඇත.

එය රටේ දෛනික පරිභෝජනය අනුව ගණන් බලන කල ගෙගා වොට් පැය 2300ක් 2500ක් අතර වේ.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති නව එල් ඊ ඩී බල්බය එළිදැක්වීමේ මෙම අවස්ථාවට එක් වූ එන් එම් අයි ඉන්ද්‍රා සමාගමේ සභාපති ඉන්දික රාජපක්ෂ මහතා ද අදහස් දැක්වූ අතර එම අවස්ථාවට ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුලු මැති ඇමැතිවරුන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේක්ම් පී.බී. අබේකොන් මහතා ඇතුලු ඉහළ නිලධාරින් විශාල පිරිසක් එක් වූහ.