දඹුල්ල මැච් එක අස්සේ වාහනයකට මුත්‍රා කළ දේශපාලනඥයා ගුටිකයි

දේශපාලනඥයකු පෙරේදා (28) දඹුල්ල ක්‍රිකට් තරගය නැරඹීමට ගොස් වාහනයක ටයරයකට මුත්‍රා කිරීම නිසා පහර කෑ පුවත් වාර්තා වනවා.

ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට පැමිණ ඇති මෙම දේශපාලනඥයා සුපිරිවෙළෙඳසලක් අසල නවතා තිබූ වාහනයක ටයරය මතට මුත්‍රා කරන විට වාහනය ඇතුළේ දරුවකු සමඟ සිටි කාන්තාවක් දැක කෑ ගසා තිබෙනවා.

කාන්තාවගේ කෑ ගැසීමත් සමඟ රැස්වූ  පුද්ගලයන් හා දේශපාලනඥයා අතර ගැටුමක් ඇති වී තුවාල ලැබූ දේශපාලනඥයා හා තවත් පුද්ගලයකු ප්‍රතිකාර ලබාගැනීම සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවයි පැවසෙන්නේ.