ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගන්න සුදානම් වෙයි…..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාව සමග දඹුල්ලේදී ලබන ඉරිදා පැවැත්වෙන තෙවන එක්දින තරඟය සිය අවසන් එක්දින තරඟය බවද ඔහු කියයි.

එසේම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 තරඟාවලියෙන් ද අනතුරුව 20-20 තරඟවලින්ද සමුගන්නා බව හෙතෙම පවසයි.

තිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස නම්දරා සිටින ක්‍රීඩකයෙකි.

විශේෂයෙන් පන්දුවට පහරදීම මෙන්ම පන්දු රැකීම හා යැවීම අතින් ඔහු ක්‍රිකට් පිටියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු ලෙස ප්‍රචලිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ද ඔහුගේ භූමිකාව ප්‍රතිවාදී කණ්ඩායම්වල පන්දු යවන්නන් තුළ මහත් චකිතයක් ඇති කළ බව නොකියාම බැරිය.

 

2