මේ වෙනස්වීම් එක්ක අලුත් දේවල් කරන්න අමාරුයි

ඔබේ හඩින් ගැයුණු අලුත් ගීත ගැන දැනගන්න රසික පිරිස කැමති ඇති…
අලුත් ගීත නිර්මාණය කෙරෙන්නේ ඉඳහිට. නමුත් මම මෑත කාලයේදී ඒ විදියට ගීත කීපයක්ම කළා. ඒත් ඉස්සර තරමට අලුත් නිර්මාණ කෙරෙනවා අඩුයි.
ප්‍රවීණයන් දැන් අලුත් නිර්මාණ කරන්නේ නැහැ කියලා ගොඩක් අය කියනවා..
ඒකට හේතු රැසක් තියෙනවා. ඒක කෙටියෙන් පැහැදිලි කරන්න අසීරුයි. ලෝකයේ වෙනස්වීම එක්ක සංගීතයේ නව ප්‍රවණතා ඇතිවෙනවා.
තාක්ෂණය ගොඩක් දේවල් වෙනස් කරවා. ඒ වෙනස්වීම් තුළින් බිහිවන දේවල් මිනිසුන්ගේ ආධ්‍යාත්මයට කතා කරන දේවල්ද කියන එක ප්‍රශ්නයක්. අපි හැමදාම කතා කළේ මිනිසුන්ගේ ආධ්‍යාත්මයට. ඉතින් මේ වෙනස්වීම් එක්ක අපිට අලුත් දේවල් කරන්න අසීරුයි.
ඔබ ගීත ගායනයේදී තෝරා බේරා ගැනීම් කරනවාද?
අනිවාර්යයෙන්ම
ඒ කියන්නේ ප්‍රවීණයන්ගේ නිර්මාණවලට විතරද ඔබේ දායකත්වය සපයන්නේ?
කොහෙත්ම නැහැ. මගේ තෝරා ගැනීමේ පදනම ප්‍රවීණ ආධුනික භේදය නමෛයි. නිර්මාණය කුමන මට්ටමක තියනවාද කියන එක, නිර්මාණය හොඳනම් නවකයකුගේ වුණත් ඊට දායකවනවා.
සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියා දැන් අප හමුවන්නේ ප්‍රසංග වේදිකාව තුළින්. ඒ තුළ අලුත් තොරතුරු මොනවාද?
මගේ “සඳකඩ පහන” ප්‍රසංගය අගෝස්තු මාසේ 14 වැනිදා සවස 6.00ට මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වෙනවා.
ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඔබේ රසික පිරිස කැමති වේවි…
“සඳකඩ පහන” ප්‍රසංගය සම්මත ආකෘතිය තුළ යන ප්‍රසංගයක් නමෛයි. මෙහි නිවේදකයකු නැහැ. මා විසින්මයි හැඳින්වීම කරන්නේ. ගීත ගායනා කිරීම වගේම ගීතය ගැන කෙටි හැඳින්වීමකුත්  කරනවා. මෙහි සංගීතය මෙහෙයවීම සිදුකරන්නේ සුනිල් අමරසිංහ, පිටපත හා සම්බන්ධීකරණය
පුෂ්කර වන්නි-ආරච්චිගෙන්. අගෝස්තු 14 “සඳකඩ පහන” ප්‍රසංගය පවත්වන්නේ වැලිපිල්ලෑව ශ්‍රී යසවර්ධනාරාම දහම් පාසලට ආධාර පිණිස. දහම් පාස‍ලේ සංවර්ධන සමිතිය විසින් තමයි මෙය සංවිධානය කරන්නේ.

f

ආරියවංශ කුලතිලක